එක එක ක්‍රීම් ගාල සුදු වෙන්න කැමති ඔබ අත වනන්නේ මරණයටද?

විශේෂයෙන් මම මේ ලිපිය ලියන්න හිතුවෙ Facebook එක පුරා එක එක ගෘප් වල pages වල, එක එක නම් වලින් සුදු වෙන්න ක්‍රීම් වර්ග විකුණන පිරිස දැන් එන්න එන්න වැඩි වෙලා තියෙනව දැකල. ඒ වගේම විශේෂයෙන් තරුණ ගැහැණු ළමයින් මේ දේවල් වලට නැඹුරු වෙන්න හදනව. මේවයින් සුදු වෙනව තමයි. හැබැයි සුදු වෙන මුවාවෙන් ඔයාව ඉතා ඉක්මනින් මරණය කරා ලං කරවනව. දැනගන්න කැමතියිද?

මේ ලිපිය ගැහැණු ළමයින් විතරක් නෙමෙයි, පිරිමි ළමයි ටිකත් දැනගෙන ඉන්න එක වටිනව. මොකද කවද හරි ඔයාගෙ යාලු වෙලා ඉන්න ගෑණු ළමය මේව ගාන්න ගත්තොත් වහාම නතර කරවන එක ඔයාගෙ කටයුත්තක්.

අද අපි ඇත්ත කතා කරමු. ඇත්තටම ලංකාවෙ ඉන්නව හොඳ ලස්සන සුදුවට ඉන්න කාන්තාවන්. මෙයාලට නම් අමුතුවෙන් සුදු වෙන්න දෙයක් නෑ. සුදුම සුදුයි. ඉතින් මේ කට්ටිය මේ සුදු වෙන ක්‍රීම් වලට නැඹුරු වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. නෑ කියන්නෙ නෑ. ඉඳල හිටල මොලේ අමාරු කාරියෙක් ඉන්න පුළුවන්.

එතකොට කවුද මේ සුදු වෙන්න ක්‍රීම් ගාන උදවිය.. ඒ තමයි සුදුම සුදු නැති ටිකක් හම තළෙලුවට ඉන්න කාන්තාවන්. මේ කට්ටියගෙ ඇත්තම පාට කට්ට කලු නෙමෙයි. අර කලින් කිව්වු සුදු කාන්තාවන්ට වඩා ටිකක් සුදු මදි. ඉතින් මේ කට්ටිය හිතනව එයාල ‍ගොඩක් කැතයි කියල. මෙයාල දිහා කොල්ලො බලන්නෙ නැතුව ඇති කියල හිතනව. මෙයාලට අර සුදු ළමයින්ට තරම් තැනක් නැති වෙයි කියල හිතනව. ලස්සන නෑ කියල හිතනව. ඇත්තටම කවුද ඒ බොරුව ඔයාට කිව්වෙ?

ලස්සන කියන්නෙ සුදු නෙමෙයි. ලස්සන කියන්නෙ ශරීරයේ හැම තැනකම පැහැය එකම පාටකින් (Same colour tone) තියෙන එක. හොඳට බලන්න ඇමරිකාණු කළු කාන්තාවක් උදාහරනෙට අරගෙන. එයාල කලු උනා කියල අවලස්සනක් නෑ. ඒකට හේතුව ශරීරයේ හැම තැනම තියෙන්නෙ එකම පාට. එයාල මූණ කලු වෙනවට ගානව සමහර ක්‍රීම් අව්වෙන් ආරක්ෂා වෙන්න. පිටට පෙනෙන කොටස් හිරු එලියෙන් ආරක්ෂා කර ගන්න දන්නව. ඒ වගේම දහඩිය දාන තැන් නිතර පිරිසිදුව තියා ගන්නව. එතකොට ඒ තැන් කලු වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට බෙල්ලෙ පිටුපස.

අපේ ගෑණුන්ට වෙලා තියෙන්නෙ ඕක නෙමෙයි. හරියට නාගන්න වත් වෙලාවක් නෑ. එක එක වැඩ. ඒ වගේම කම්මැලියි. ඉතින් බෙල්ල එක පාටක්. මූන එක පාටක්. අත් දෙක තව පාටක්. කකුල් වෙනමම පාටක්.. බඩයි පිටයි අමුතුම පාටක්. ඉතින් ලස්සන නෑ තමයි.. පට්ට කැතයි. දැන් අපේ ගෑනුන්ට ඕන ලස්සන වෙන්න ලේසියෙන්. ඉතින් ගන්නව එක එක නම් වලින් තියෙන ජරා ගොඩවල් තොගයක්. අරන් ගානව ගාන්න තියෙන හැම තැනකම සුදු වෙයි කියල හිතල. ටික දවසකින් පොතු ඇරපු කබරයෙක් වගේ තැම්බිලා වගේ සුදු වෙලා ඉන්නව. බලන්න බෑ. පට්ටම කැතයි. හැබැයි හිතන් ඉන්නෙ සුපිරි ලස්සනයි කියල.

සුදු වෙන්න ගාන ක්‍රීම් ඔය තරම් අවුල්ද?

මම මේ තොරතුරු ටික අහගත්තෙ මගේ බිරිඳගෙන්. එයා මේව ගැන හොඳට ඉගෙනගෙන තියෙන හින්ද අහල දැනගත්ත. ඒ තමයි මේ සුදු වෙන්න ගාන ක්‍රීම් වල තියෙනව රසදිය යම්කිසි ප්‍රතිශතයක්. අපි හිතමු උදාහරණයක් විදියට ශරීරයට ලොකු බලපෑමක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් ක්‍රීම් එකක රසදිය තිබිය යුතු ප්‍රමාණය 0.14–0.36 ppm මේ අතර ගාණක් කියල. නියම ප්‍රමිතියට හදපු එකක මේ රසදිය ප්‍රමාණය අනිවාර්යයෙන් ඒ ක්‍රීම් වල පෙට්ටියේ ගහල තියෙනව. හැබැයි අපේ ගෑණුන්ට ඔව්ව අදාලද? අපොයි නෑ. සුදු වෙනව නම් එච්චරයි. ඉතින් මේ උපරිම රසදිය ප්‍රමාණයට වඩා ටිකක් හරි වැඩියෙන් තිබුනම වෙන්නෙ මොකද? අපේ ඇ‍ඟේ තියෙන මෙලනින් ප්‍රමාණය එන්න එන්න අඩු වෙනව.. ඇත්තටම වෙන්නෙ මෙලනින් වල පාට වෙනස් වෙන එක නම් නෙමෙයි. මෙලනින් විනාශ වෙලා යන එක.

මොනවද මේ මෙලනින් කියන්නෙ?

මෙලනින් කියන්නෙ අපි උපතේදිම අපේ ශරීරය දැඩි හිරු රශ්මියෙන් හා පාරජම්බුල කිරණ වලින් ආරක්ශා කර ගන්න සොබාදහමෙන් දීපු තෑග්ගක්. මේව අපේ ඇ‍ඟේ සම මතුපිට හැමතැනම තියෙනව. සුදු කාන්තාවන්ගේ ඒව නැද්ද? තියෙනව. එයාලගෙ ඒ මෙලනින් සුදු පාටට හැදිල තියෙන්නෙ ජාන නිසා. කලු අයගෙයි සුදු අයගෙයි දෙගොල්ලොන්ගෙම සමානව තියෙනව. වෙනස ඒවයෙ පාට විතරයි.

සමකයට ආසන්නව ජීවත් වෙන සුදට සුදේ ඉන්න කාන්තාවන් ඇත්තටම එංගලන්තෙ වගේ ඉන්න සුද්දියො තරම් සුදුද? නෑ. කොච්චර සුදු උනත් අච්චර සුදු නම් නෑ. ඒකට හේතුව, සමකයට ආසන්න රටවල් වලට කෙලින්ම සූර්යාලෝකය වැටෙන නිසා උප‍තේදිම මෙලනින් වල වර්ණය ටිකක් කලු කරල තමයි අපි උපදින්නෙ. මොකද කලු පාටට තියෙන මෙලනින් වලින් අපේ සම දැඩි හිරු එලියෙන් ආරක්ශා කර ගන්න පුළුවන්. සුද්දියොන්ට හිරු එලිය වැටෙන්නෙ ලම්භකව නෙමෙයි. ඒ හින්ද එයාලට ඒක ප්‍රශ්නයක් නෑ. උපතින්ම මෙලනින් වල පාට සුදු පාටට තියාගෙන තමයි එයාල ඉපදෙන්නෙ.

මෙලනින් වලින් කෙරෙන්නෙ මොකක්ද?

හිරු එලියත් එක්ක එනව ඉතා අහිතකර කිරණ වර්ගයක්. මේවට කියනව පාරජම්බුල කිරණ කියල. මේ අහිතකර කිරණ වලින් අපේ සම ආරක්ෂා කර ගන්නෙ මෙලනින් වලින්.

ඉතින් මේ සුදු වෙන්න ගාන ක්‍රීම් වලින් කෙරෙන්නෙ මේ මෙලනින් ප්‍රමාණය අපේ ඇ‍ඟෙන් අඩු කරල දාන එක පොඩ්ඩ පොඩ්ඩ. අන්න එතකොට අපේ සම මෙච්චර කාලයක් ආරක්ෂා කරගෙන හිටපු අපේ සුමිතුරා මෙලනින් ටික ‍පොඩ්ඩ පොඩ්ඩ මැරිල යනව. දැන් මේ අමුතුවෙන් සුදු වෙලා ඉන්න නෝනල ටිකට ටික දවසකින් අව්වෙ යන්න බැරි වෙනව. මාර රස්නෙයි කියනව. පිච්චෙනව වගේ කියනව. නිකන් ගිනි ගොඩක ඉන්නව වගේ දැනෙනව.. මේ විදියට ටික කාලයක් යද්දි ඔන්න පටන් ගන්නව සමේ පිලිකා ඇති වෙන්න. තේරෙන්නෙ නෑ. ඔහේ ඉන්නව.. අවසානෙ මේ පිලිකා දරුණු වෙලා අවසානෙ අපේ තරුණ ළමයින්ට සිද්ද වෙන්නෙ අකාලයේ මැරෙන්න. අවසානෙ එක එකාට පේන්න සුදු වෙන්න ගිහින් අකාලෙ මැරිල ගියාම අන්තිමට දුක් වෙන්න ඉතුරු වෙන්නෙ අම්මයි තාත්තයි විතරයි.

ඇයි ඉතින් පිටරටවල් වල හදන මේ අහිතකර ක්‍රීම් වෙලඳපොලේ තියෙන්නෙ?

මාත් ඕකම ඇහුව මගේ බිරිඳගෙන්. පිටරටවල් වල එක එක වර්ගයේ අත්හදාබැලීම් කරනවා. ඒත් කවදාවත් ඒ අත්හදාබැලීම් වල ප්‍රතිඵල බලන්න ඒ රටවල් වල ජීවත් වෙන මිනිස්සුන්ව එයාල ප්‍රයෝජනයට ගන්නෙ නෑ. අනික ඒ රටවල් වල මේ දේවල් වලට නීති ගොඩාක් තදයි. ඉතින් මේ ක්‍රීම් වර්ග අරව මේව ඔක්කොම තුන්වන පංතියේ රටවල් වලට එවනව. අපේ රටවල් වල ඔහොම නීති තියෙනවද? නෑ. හිතේ හැටියට අරන් ගාන්න පුළුවන් හිතේ හැටියට විකුණන්න පුළුවන් . SSL කියල තත්ව සහතිකයත් තියෙනව නමට විතරක්. ඇති වැඩක් නෑ ඒකෙ. ඉතින් මේ ක්‍රීම් එක අපේ මිනිස්සු ගාල ගාල සාර්ථක නම් අර කොම්පැනි කාරය කරන්නෙ, ඔන්න ගානත් ටිකක් වැඩි කරල ප්‍රමිතියට වෙලඳපොලට නිකුත් කරනව. මේ හොඳ ප්‍රමිතියට තියෙන එව්ව වල ගාණ ගොඩක් වැඩී. අපේ මෝඩ කෙල්ලන්ට ඒව ගන්න නම් සල්ලි නෑ. ඉතින් අර product එක Failed නම්, කෙලින්ම හෙමීට නිශ්පාදනය වෙනස් කරල වෙන නමකින් වෙන අත්හදාබැලීමකට යනව අර company කාරය. ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නෙ. ඉතින් එක එක Company කාරයින්ව පෝසත් කරන්න අපි අපේ කෙල්ලන්ට අකාලෙ මැරෙන්න දෙන්න ඕනද?

ඉතින් මේ කරුණු හිතේ තියාගෙන අනවශ්‍ය විදියට සුදු වෙන්න යන්න එපා. ඔයා හොඳටම ලස්සනයි. අමුතුවෙන් ලස්සන වෙන්න දෙයක් නෑ. හොඳට නාගෙන පිරිසිදුව අලුත් ඇඳුමක් ඇඳල ලස්සනට ඉන්න චාම්ව. ඒ ලස්සනට ‍තමයි අවංක කොල්ලො වශී වෙන්නෙ. රාගයට එන කොල්ලො විතරයි අර බොරු සුදු පස්සෙ දුවන්නෙ. හිත පිරිසිදුව ගත පිරිසිදුව ඉන්න පුරුදු වෙන්න. අද ඉඳල අපි මේ ජරාව ප්‍රතික්ෂේප කරමු. ඔයාගෙ යාළුවත් මේව ගානව ඇති. සමහර විට ගාන්න හිතාගෙන ඉන්නව ඇති. පොඩි පුන්‍යකර්මයක් කරගන්න ඔයාගෙ යාලුවව මේ මහා නපුරෙන් ගලව ගන්න. මේ ලිපිය එයාලටත් බලන්න Share කරන්න…

හැමෝටම ජය!

Facebook Comments