‍ෆාතිමාගේ වියෝවය. අනිවාර්යයෙන් කියවන්න

උඹයි මමයි දෙන්නම කෙල්ලො…
උඹට මතකද මන් දන්නෙ නෑ…
සරෝජයි උඹයි මායි හොඳ යාළුවො…
පොඩි කාලෙ ඉදන්ම…
අපි එකම සුදු ගවුම ඇන්දා..
එකට වැටිලා සෙල්ලම් කලා..

උබ වැඩිවියට පත් උනා…
සුදු පාට ගවුමට යටින් දිග සුදු කලිසම ඇදලා සුදු ස්කාෆ් එකකින් ඔළුවත් වහන්න පටන් ගත්තා..
මට මතක විදිහට උඹෙ කොණ්ඩෙ හරි ලස්සනයි… මහතයි..
ඒක ඔය ස්කාෆ් එකට වැහිලම ගියා…

අපි නිදහසෙ ඉන්නකොට..
සුළඟින් දාහය නිවෙනකොට…
උඹ දාඩියෙ තැම්බුනා..

“ඕක ගලවපන් බන්..”

අපි කියුවම උඹ හරි අසරණ විදිහට අපි දිහා බලනව මට මතකයි…

අපි ක්ලාස් වල අපෙම වයසෙ කොල්ලො එක්ක හිනා වෙලා විහිළු කරද්දි උඹ හොරෙන් උන් දිහා බලලා සද්ද නැතුව හිටියෙ උඹෙ නිවුන් සහෝදරයා මොහොමඩ් පන්තියෙ කෙලවරක ඉදන් ඔරවන හින්දා කියලා අපි දැනන් උන්නා..

“ඇයි බන් අරූ හැම වෙලේම උඹට ඔරවන්නෙ..?”

“අයියලා බයයි අපි ඔයාලගෙ සිංහල කොල්ලො එක්ක යාළු වෙයි කියලා…”

“කෙහෙල්මල.. එහෙනම් ඌ අර අපෙ නිෂාගෙ පස්සෙන් යන්නෙ.. “

අපි කියුවම උඹ නිහඩව බිම බලා ගත්තා..

ඇත්තටම උඹ හරි ලස්සනයි…

මට මතකයි… එක දවසක් ෆන්ක්ශන් එකකට ගෙනාපු ඔසරියක් උඹ ඇදලා බැලුවා.. සත්තකට උඹ එදා හරි ලස්සනයි ෆාති…

“සාවි අයියා යාළු වෙන්න අහනවා බන්..”

“උඹ කියන දවසෙ උඹෙ මූණ රෝස පාට උනා මතකයි…”

සාවි කියන්නෙ සිංහල කොල්ලෙක්.. සදෙව්..

“උඹ කැමතිද..?”

“”ම්ම්ම්…”

“එහෙනම් හා කියපන්..”

“අම්මලා මාව මරයිතමා…”

“මගුල එහෙම උනොත් බලමු..”

උඹ ඌ එක්ක හරි ලස්සනට ආදරේ කලා ෆාති.. එක දවසක් සාවි අයියගෙ නෑනා කෙනෙක් එක්ක සාවි අයියා ගහපු ෆොටෝ එකක් දැකලා උඹ ඉකි ගගහා ඇඩුවා මට මතකයි…

“එයා මගෙ විතරයි පියුමි..”

උඹ කියුවෙ එහෙම…

කරුමෙක මහත උඹලව ගෙදරට මාට්ටු උනා…
හරක්මස් කාලම තඩි වෙලා ඉන්න උඹෙ අප්පයි අයියලා තුන් දෙනයි උඹව නිවාස අඩස්සියට දැම්මා..

ගෙදරට අපි කී පාරක් කෝල් කරන්න ඇත්ද…?
ඒතායෙම කවදාවත් උඹ අපෙ ඉස්සරහට ආවෙ නෑ..
සාවි අයියා පිස්සෙක් වගෙ උනා…

කාලයක් ගත උනා…
ඒත් සමහර දවස් වලට ආයෙමත් උඹට රින්ග් කරලා නොබැලුවා නෙමෙයි… ගෙදර ලෑන්ඩ් ලයින් එක නිසාමද මන්දා උඹෙ නම කියපු ගමන් ෆෝන් එක කට් කලා..

එක දවසක් වාට්ටුවෙ වැඩ අස්සෙ හුරු පුරුදු මූණක් ලග මන් නැවතුනා…

“ෆාති…”

“පියුමි…ඔයා… “

උඹෙ ඇස් වල කඳුළු කැට දෙකක් නලියනවා.. උඹෙ ඉස්සරහට නෙරලා තිබ්බ බඩ මට ගොඩක් දේවල් කියුවා..

“මොකද බන් උඹට උනේ…?”

“මන් බැන්ද…..”

“අම්මෝ.. මේ කී වෙනි මාසෙද..?”

මන් ඇහුවෙ උඹෙ බඩට අත තියලා..

“අටයි….මේ පස් වෙනියා…”

අපි නොදැක හිටපු අවුරුදු හයට පහක්…

“උඹ සතුටින්ද…?”

මන් ඇහුවෙ ඔය ඇස් වල වේදනාව මට ඉස්සර වගේම අදටත් අදුරන්න පුලුවන් නිසා..

“ඔව් බන්.. “

උඹ මට බොරු කියුවා.. උඹව බලන්න ආපු කළු ලෝගු සෙට් එකක් නිසා මන් උඹෙන් ටිකක් ඈත් උනා…උන් යනකම් ඉදලා මම ආයෙ උඹට කිට්ටු උනා..

“කවුද ඒ…??”

උඹ හිනා උනා..

“ඒ මහත්තයගෙ අනිත් වයිෆ් …”

ඔළුවෙන් පටන් ගත්ත හිරිවැටිල්ල කකුල් දෙකෙන් පිට උනා කියලා හිතුනා..මන් උඹෙ අත තද කරලා අල්ලා ගත්තෙ ඒකයි..

එදා සදෙව් අයියව උඹෙම විතරයි කියලා ඉකි ගගහා ඇඩුව උඹ උඹේ මිනිහව තව ගෑණියෙක් එක්ක කොහොම බෙදා ගන්නවද කියලා මට පුදුමයි ෆාති…

හරි හමන් නිදහසෙ ඇදුමක් අදින්න නැතුව, ගමනක් බිමනක් යන්න නැතුව අපි වගේ කෑ ගහලා නටලා සෙල්ලම්.කරලා ඉන්න නැතුව ජීවත් වෙන ජීවිතේ තමන්ගෙම මිනිහා වෙන ගෑණියෙක් එක්ක බෙදා ගන්න වෙන තරම් ගෑණියෙක්ට වෙන මූසල කමක් තියෙයිද බන්..

“උන්ගෙ අසහනෙ යවා ගන්න උඹව බඩ කලාට ඔය මිනිහා උඹටවත් උඹෙ පැටව්න්ටවත් ආදරේ නෑ ෆාති…”

උඹට කෑ ගහලා කියන්න ඕනි උනත් මං ගොළුයි ෆාති…

උඹලගෙ ගෙදරිනුත් ආයුධ හම්බුනා කියුවම කකුල් දෙක පණ නැතුව ගියා ෆාති… ඒ අස්සෙ උඹත් මැරිලා හිටියා කියුවම දුක හිතුනා.. පස්සෙ ආයෙමත් සතුටු හිතුනා.. උඹ ඔය මිනීමරුවන්ගෙන් ගැල උන එකට..

ඌත් ඕවා කරන්නෙ තව ගෑණු හැත්තැදෙකක් බලාගෙනනම් ඌව පොලිසියට අල්ලලා දෙන්නවත් නොහිතා.. හැමදාම උන්ට කන්න මස් කිලෝ ගනන් කපන අත් දෙකෙන් ඔය බෙල්ලම කපලා දාන්න උඹට තිබ්බා..

එක පිරිමියෙක්ගෙ හෙවෙනැල්ලටත් ආදරේ කරන ගෑණු අපි අස්සෙ ආගම වෙනස් උනාට උඹෙ ගෑණුකම වෙනස් වෙලා නෑ ෆාති… උඹත් අපි වගේමයි…

ඔය දරා ගන්න දරා ගැනීම හරි පුදුමයි ෆාති…

කාටත් හොරෙන් උඹ එදා මගෙ ඔටෝ එකේ ලිව්ව පද පෙලේ අරුත මට අද වැටහුනා ෆාති…

“ලබන ආත්මෙ ඔයා මගෙම සහෝදරී වෙන්න…”

ඔව්.. ඔය එවුන්ගෙ හෙවනැල්ලක්වත් නොවැටි උඹ නිදහස් ආගමක කිරිල්ලියක් වෙයන් ෆාති.. මගෙත් අවසාන පැතුම ඒක..

උඹට නිවන් සුව..
මන් උඹෙ හැමදාම.මිතුරිය..

ලිව්වේ, අහින්සා පැහැසරණි
සත්‍ය සිදුවීම් කැටි කල මනංකල්පිතයක්..

Facebook Comments