කවදාවත් මේ වගේ දෙයක් ඔයාලට වෙන්න එපා – සත්‍ය කතා – 02

මට (Page Admin) අදත් සුපුරුද පරිදි ඔයාලට Post හදන ගමන් තව නංගි කෙනෙක් මගෙත් එක්ක ඇයගෙ සත්‍ය කතාව කිවුවා.. නම ගම නැතුව මම ඒක ඔයාලට ඉදිරිපත් කරන්නම් දැන්.. මේ කතාවටත් පූර්ණ අවස‍රය පිට තමයි මේ ඔයාලට ගේන්නෙ… කතාව Singlish වලින් දාපු නිසා මට මුල ඉඳන් ආයෙමත් ලියන්න උනා සිංහල Font එකෙන්. ඒකයි ටිකක් පරක්කු උනේ මේක පල කරන්න… කියවල බලන්න මේ නංගිගෙ කතාවත්…

——-

අයියේ… ඔයා ගොඩක් හොඳට Page එක කරන හින්ද මට මේක කියන්න හිතුනෙ.. මම ඔයාගෙ පළවෙනි කතාව කියෙව්වා. ඒකෙන් මට තිබුන බය නැති උනා.. ඒ හින්ද මම මගේ කතාවත් අයියා එක්ක කියන්න තීර‍ණේ කරා. කමක් නෑ නේද?

මේ කතාව කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්නත් අමාරුයි.

මෙහෙම කියන්නම්…

මගේ නම සඳුනි (සත්‍ය නම නොවේ). මම තාම ඉගෙන ගන්නව අයියේ. මම 9 වසරෙ ඉන්න දවස් වල මම ඉස්කෝලෙ ඇරිල ගෙදරට යනකොට එහෙම ගෙවල් ලඟ වැඩපලක් තිබුනා (නම සඳහන් කරන්න නොහැකියි). අපේ ගෙවල් ලඟමයි. ඒ ලඟින් මම පාරෙ යනකොට එතන හිටපු පිරිමි ළමයෙක් නිතර නිතර විහිලු කරන්න පටන් ගත්තා මට. ඒත් මම වැඩිය ගනන් ගත්තෙ නෑ. පස්සෙ පස්සෙ මේ පිරිමි ළමය එයාගෙ යාලුවොත් එකතු කරගෙන මට විහිළු කරන්න පටන් ගත්තා. මම ඒත් එච්චර ගනන් ගත්තෙ නෑ. ඔහොම කාලයක් ගත වෙනකොට මගේ ගෙදරිනුත් මේ පිරිමි ළමයගෙ විහිළු දැක්කා.. ටිකක් සැකෙන් බලපු මගේ අම්මා තාත්තා අයියලා හැම වෙලාවෙම අවදානයෙන් හිටියෙ ඒ හින්ද කියල මාත් තේරුම් අරන් හිටියෙ..

මේ වෙද්දි මම 10 වසරෙ ඉගෙන ගන්න ගමන් හිටියෙ අයියේ… කොහොම හරි මටත් සැරින් සැරේ අර පිරිමි ළමයව මතක් උනා. ඒ පිරිමි ළමයගෙ නමක් වත් දන්නෙ නැති මම, හැම වෙලාවෙම අර පිරිමි ළමයගෙ විහිලු, හිනාව දිහා හිතින් මවාගෙන බලාගෙන හිටියා. මම ඒ ගැන යාළුවොන්ටත් කිව්වා. යාලුවො නම් හැමෝම වගේ කිව්වෙ මට එයා ගැන ආදරයක් ඇති වෙලා කියල. ඒත් මම පුළුවන් තරම් හිටිය ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව ඉන්න.

දවසක් මට අර පිරිමි ළමයා එයාගෙ Phone Number එක යාළුවෙක් ට දීල මට දෙන්න කියල ඒ යාළුව අතේ එවල තිබ්බා. ඒත් මම ඒ Number එකට කතා කරන්නෙ නැතුව ඉන්න හිටියෙ. ඒත් යාළුව කිව්ව කතා කරන්නම කියල. මටත් ඉතින් ඒ පිරිමි ළමයගෙ විහිළු වලටත් එපා වෙලා උන්නු හින්ද කතා කරා. කතා කරල ඇහැව්වා, ඇයි විහිළු කරන්නෙ, ඒක හරි කරදරයක් කියල…. ඒ එක්කම මගේ යාලුව මගේ අතේ තිබ්බ Phone එක උදුරල අරන් මේ පිරිමි ළමයගෙ නම ඇහැව්වා. එයාගෙ නම “මිතුන්” කිව්වා. ඒ එක්කම යාළුවා මර වැඩක් කරා.. එයා එක පාරටම මිතුන් ට කිව්ව මෙන්න මෙහෙම….

“අයියේ, සඳූ (සඳුනි) ඔයාට ගොඩාක් කැමතී. එයා හැම වෙලේම ඔයාව මතක් කරනවා. ඔයා කැමති නම් එයා එක්ක කතා කරන්න.. අපිට නම් හිතෙන විදියට සඳූ ඔයාට ගොඩක් කැමතී… ඒත් ඊලඟ අවුරුද්දෙ එයාට Exam එක. ඒ හින්ද කරදරයක් නොවී කතා කරන්න…”

අර පිරිමි ළමයත් එතකොට කිව්වා යාළුවට, එයත් මට කැමතියි කියල. ඊටපස්සෙ Phone එක තිබ්බා.

ඊටපස්සෙ හැමදාම වගේ රෑට මගේ අම්මගෙ phone එකට මිතුන් කතා කලා අම්මට හොරෙන්… මිතුන්ගෙ කතාවට මම වහ වැටිලා වගේ උන්නේ… මම දන්නෙම නැතුව මිතුන්ට ආදරේ කරන්න පටන් ගත්තා අයියේ… ඒත් මම සමහර දවස් වලට බලනකොට මිතුන් පැය ගානක් කා එක්ක හරි කතා කර කර ඉන්නව කියල මට තේරුනා.. ඒත් මම මේ ගැන මිතුන්ගෙන් මුකුත්ම අහන්න ගියේ නැහැ. මොකද මම ඒ තරම්ම මිතුන්ගෙ ආදරේට වහ වැටිලා උන්නෙ… මේ අතරේ අපේ සම්බන්දෙ ගෙදරින් දැන ගත්තා..

අම්මයි තාත්තයි ගොඩාක් බැන්න මට. මගේ ලොකු අයියා ඉතාලි ඉඳල නිවාඩුවට ආපු වෙලේ, මේ ගැන දැන ගත්තම අයිය මට ගැහුව. මගේ තාත්තට මිතුන් කියල තිබ්බෙ මම තමයි මිතුන්ගෙ පස්සෙන් එන්නෙ කියලා.. මගේ තාත්තා මේ ගැන ගෙදර ඇවිත් ගෙදර අය එක්ක කිව්වම ගෙදර හැමෝම මට ගොඩාක් බැන්නා. මම ඊට පස්සෙ මිතුන්ට කතා නොකර උන්න. මම මේ විදියට මිතුන් දිහා ඈතින් ඉඳන් බල බල හිතින් අඬ අඬ ජීවත් උනා. මේ අතරෙදි මිතුන් මට ආයෙ කතා කලා යාළුවෙක් මාර්ගයෙන්.. කතා කරල හම්බෙන්න ඕන කිව්වා.. මම මුලින් අකමැති උනත් පස්සෙ මම හිතුව හම්බෙන්න.. දවසක් class එකක් cut කරල මම මිතුන්ව හම්බෙන්න beach එකට ගියා.. අපේ ගෙවල් beach එකට ලඟ හින්ද යන්න තියෙන හොඳම තැන තමයි beach එක.. එතනදි මම මිතුන් එක්ක ගොඩක් වෙලා කතා කර කර උන්නා.. අපි දෙන්නම කතා උනේ මේ සම්බන්දෙට කවුරුත් කැමති වෙන එකක් නෑ කියල. මොකද මිතුන් ගොඩක් දුප්පත් වගේම අපේ පවුල ‍සාමාන්‍යයෙන් ටිකක් පෝසත් නිසා..

එදා මට මිතුන් ගෙන් පළවෙනි kiss එක ලැබුනා. මාව මිතුන්ගෙ පපුවට තුරුල් කරන් ලන් වෙලා උන්නා. මේ විදියට අපි ගොඩක් වෙලා ඉඳල, මම ගෙදර ආවා. මම ඊට පස්සෙ හැමදාම මිතුන්ගෙ සුවඳ මතක් කර කර ජීවත් උනා..

මේ විදියට මම Exam එකත් ලිව්වා. ඒ කිව්වෙ O/L. ලියල ගෙදර ඉන්න ගමන් මිතුන්ට කතා කලා. මාස තුන හතරකට පාරක් වගේ අපි හම්බුනා. ඒ හැම දවසකම මිතුන් මාව තුරුලු කරන් උන්නා.

හරියට මිතුන්ගෙ මුළු ලෝකෙම මාව තමයි කියල මතයි මම හිතාගෙන උන්නෙත්… ගෙවල් වලින් පොඩි කැමැත්තක් වත් අපි දෙන්නට තිබුනෙ නෑ. අපි හම්බෙනව කියල දන්නව නම් මම ඉවරයි.. මේ අතරෙ මම Exam Pass වෙලා A/L කරන්න School එකකට ගියා. ඒ 2014 අවුරුද්දෙ.

මේ අතරෙ රහසින් අරන් ගිය අපේ සම්බන්දෙ ගෙදරින් දන්නෙ නැති හින්ද මගේ තාත්ත මට Phone එකක් අරන් දුන්නා. මාත් ඒකෙන් මිතුන් එක්ක SMS කරල උන්නා. හැමදාම නෙමෙයි.. ඉඳල හිටල වගේ. කොහොම හරි මේ දේවල් අපේ ලොකු අයියා දැනගත්තා. ඒ අතරෙ ලොකු අයිය මට කිව්වා මිතුත් කසාද බඳින්න ඉන්නෙ. ඒ හින්ද මේ සම්බන්දෙ නවත්තන්න කියල. ඒත් ‍ඒ එක කතාවක් වත් මම විශ්වාස කලේ නෑ. මම හිතින් මිතුන්ට ආදරේ කලා.

ඉඳල හිටල SMS කරා. කෝල් කරා.. 2014 සැප්තැම්බර් වල වගේ. මිතුන් මේ අතරෙ මට පුදුම හිතෙන යෝජනාවක් ගෙනාව. ඒ තමයි, හොරෙන් කසාද බඳිමුද කියල… මම කිව්වා, “පිස්සුද අම්මයි තාත්තයි මැරෙයි මම නැතුව. ඒ හින්ද මෙහෙම ටිකක් ඉමු” කියලා…

හැමදාම වගේ මිතුන් මට කරදර කරන්න ගත්තා… මිතුන්ට මාව ඕනිමයි කියල.. ඒත් මම බෑ කිව්වා.

ඒත් 2014 අවුරුද්දත් අවසාන උනයින් පස්සෙ 2015 ජනවාරි මගේ අම්මා අසනීප උනා. මාස 3ක් විතර Rest කරන්න කියල දොස්තරල කියල තිබුනෙ. වෙනදට මම A/L වලට පන්ති ගියේ අම්ම එක්ක වෑන් එකේ. ඒත් අම්ම අසනීප උනාට පස්සෙ මම බස් එකේ තමයි එහේ මෙහේ ගියේ. මේ අතරෙ මිතුන් මේක දැනගෙන උන්නා. මිතුන් කතා කරල කිව්ව මාව එයාට හම්බෙන්න ඕන කියල. තැනකුත් කියල එතනට එන්න කිව්වා. මමත් නිකන් කූඩු වෙලා හිටපු කුරුල්ලෙකුට නිදහස හම්බුනා වගේ මිතුන් කිව්ව තැනට මිතුන් එක්ක ගියා. මිතුන් මාව එයාගෙ බයික් එකෙට නංගගෙන මට කිව්වා මම එක්ක තනි වෙන්න ඕන.. අපි කාටවත්‍ පේන්නෙ නැති තැනකට යමු කියලා.. යාළුවෙකුගෙ ගෙදරක් තියෙනව කිව්වා.. මට මිතුන්ගෙන් තොර ලොවක් තිබුනෙ නැති නිසයි, මම බෑ කියන පාරට මිතුන් මාත් එක්ක තරහ වෙන නිසයි රහ නොවී ඉන්න මම හා කියනවා. මේ විදියට මිතුන් මාව බයික් එකේ ටිකක් දුර පැත්තකට එක්කන් යනවා. ඊටපස්සෙ මිතුන් මාත් එක්කම guest house එකකට ගිහින් room එකක් ගන්නවා.. එදා තමයි අයියේ මගේ ජීවිතේ මට නැති වෙන්නෙ. ඒ කිව්වෙ මම මිතුන් අතින් ගැහැණියක් වෙනවා. මට තේරෙනව අයියේ මගේ වැ‍රැද්ද. ඒත් ඒ වැරැද්ද හදා ගන්න. ඒත් මට ඒ වැරැද්ද හදා ගන්න ආයෙ විදියක් නෑ…

කරපු වැරැද්ද ගැන එදා ඉඳන් හැමදාහ හිතින් මම දුක් උනා.. මම බය උනා මිතුන් මාව දාල යයි කියලත්. ඒත් හැම සතියෙම මේ විදියට මාව මිතුන් මේ තැනට එක්කන් යනව. ඒ හැම වතාවකම කලින් මගේ අතින් උන වැරැද්ද දිගින් දිගටම වෙනවා.. මාත් ඒ වෙද්දි මේකට ඇබ්බැහි වෙලා තිබුනෙ. පස්සෙ, මාත් කැමැත්තෙන්ම මිතුන්ට මේ හැමදෙයක්ම දෙන්න පුරුදු උනා….

මේ අතරෙ, මගේ ලොකු අයියට ආයෙ ආරංචි වෙනව මම මිතුන් එක්ක යාලුයි කියල. ඊටපස්සෙ මට අයිය කෝල් කරල බනිද්දි මම බය වෙලා මේ ගැන මිතුන්ට කිව්වා. මිතුන් කිව්ව, වෙන කරන්න දෙයක් නෑ හොරෙන් බඳිමු කියල.

මටත් ‍දැන් වෙන මාර්ගයක් නැති හින්ද ඒකට හා කිව්වා.

අපි දෙන්න මාර්තු මාසෙ විවාහ ගිවිස ගත්තා හැමෝටම හොරෙන්… ඊට පස්සෙ මගේ අම්මට අසනීපෙ හොඳ වෙනව මේ අතරෙ.. මට මේ රහස තියන් ඉන්න බැරි හින්ද, මම මිතුන්ට කියල මිතුන්ගෙ අතින් ගැහැණියක් උනා කියන එක රහසක් විදියටම තියාගෙන, කසාද බැන්දා කියන එක කිව්වා. මගේ අම්මට ඒක දරා ගන්න පුළුවන් දෙයක් නම් උනේ නෑ.. අම්මා මේක ගිහින් තාත්තට කිව්වා.. ඊට පස්සෙ අම්මයි තාත්තයි පොලෙවෙ හැපි හැබි අඬන්න ගත්තා.

පස්සෙ අම්මයි තාත්තයි හිත හදා ගන්නව මගේ කැමැත්තට. මොකද මට අම්මයි තාත්තයි ගොඩක් ආදරේ කරා. මගෙන් තොර ලෝකයක් මේ දෙන්නට තිබුනෙ නෑ. පස්සෙ කැමැත්ත දීල A/L විභාගය ඉවර වෙනකල් ඉන්න කියල කිව්වා… මේ අතරෙ දවසක් මගේ Phone එකට කෝල් එකක් ආවා.

උදේ පාන්දර කවුද කියල මම කෝල් එක Answer කරල බලද්දි, එහා පැත්තෙන් කතා කරේ තවත් ගැහැණු ළමයෙක්. එයා මගෙයි මිතුන්ගෙයි සම්බන්දෙ ගැන ඇහුව. මම කිව්වා මම මිතුන්ගෙ wife කියල. ඒ ගැහැණු ළමයගෙ නම නයනි. නයනි කිව්ව මට, “ඔයා කොහොමද මිතුන්ගෙ Wife වෙන්නෙ, මිතුන් මෙච්චර කල් යාළු වෙලා උන්නෙ දිලිනි කියන මගේ (නයනිගෙ) යාලුව එක්කනෙ” කියලා…

එතකොටම මගේ ඔලුවට විදුලියක් කොටනව වගේ උනා… මම ඊට පස්සෙ ඒ ගැන සේරම විස්තර ඇහුව නයනිගෙන්.. නයනි ගොඩක් දේවල් මගෙත් එක්ක කිව්වා… ටික වෙලාවකට Phone එක තියල ආයෙමත් අරගෙන කිව්ව මේ වෙද්දි දිලිනි කියන මිතුන්ගෙ කලින් ගෑණු ළමයට ඔලුවෙ ඇති උන ලෙඩක් හින්ද මතකය නැති වෙලා තිබිල, මේ ලඟදි තමයි ආයෙමත් හොඳ උනේ කියලා… ඒ වගේම දිලිනි දැනගෙන තියෙනව මිතුන් එයාට හොරෙන් තව ගෑණු ළමයෙක් එක්ක කතා කරනව කියලත්. මේ ගැන අහන්න ගිහින් රන්ඩු වෙද්දි තමයි දිලිනි මිතුන් එක්ක තරහ වෙලා තියෙන්නෙ. ඒච් ඒ වෙනකොට මිතුන් නිසා දිලිනිත් ගැහැණියක් වෙලා උන්නෙ කියල දිලිනි නයනිට කියල තිබුනා. අවුරුදු 5 ක දිලිනිගෙයි මිතුන්ගෙයි සම්බන්දය මට හොයා ගන්න බැරි උනේ මගේ බොලඳ ආදරේ හින්ද. දිලිනිගෙන් උප‍රිම ප්‍රයෝජන ගත්තු මිතුන්ට ඕන වෙලා තියෙන්නෙ මගෙනුත් උපරිම පහස විඳින්න විතරයි.

මාව කසාද බැන්දෙ සල්ලි වලට තියෙන ආසාව හින්ද කියල මට හිතෙන්නෙ. මේ හැම දේම මම දැනගත්තට පස්සෙ මම හොඳටම ඇඬුවා. ඊට පස්සෙ තමයි මට මිතුන්ගෙ ඇත්ත ස්වරූපය පේන්න පටන් ගත්තෙ. මිතුන් ගොඩක් කරදර කරන්න පටන් ගත්ත මට ඊට පස්සෙ. මේ කරදර මැද්දෙම මම A/L විභාගෙත් කරා. මට කිසිම දෙයක් ඉගෙන ගන්න දුන්නෙ නැති මිතුන් ව කොහොම හරි රවට්ටගෙන English Deploma කෝස් එකක් කරන්න මම පටන් ගත්තා. ඒකත් හරියට කර ගන්නත් විදියක් තිබුනෙ නෑ මේ ප්‍රශ්ණ හින්ද. මට තිබුනෙ හැමදාමත් හැඬූ කඳුලින් ජීවිතයක්.

මට එකම පිහිටකට තිබ්බෙ මම බැන්ද උනත් ජීවත් උනේ ගෙවල් දෙකක උන එක. මට හැම වෙලාවෙම මගේ අම්ම උදව් කරා. මම මේ සේරම අම්මට කිව්ව ඊටපස්සෙ.. අම්මත් ගොඩක් දුක් උනා මගේ දරුවට උන දේ කියල. ඒත් මිතුන්ගෙ කරදර නම් ඉවසන්න බැරි උනා. එයාට කොහොම හරි මගෙන් හැම ප්‍රයෝජනයක්ම ගන්න ඕන උනා. මම තරහ උනත් බලෙන් එක්කන් ගිහින් මට කරදර කරන්න තරම් මිතුන් පහත් උනා. මට ගහන බනින ඒව මහ පාරෙත් කරන්න තරම් මිතුන් අමානුශික උනා. මම මේ හැම දෙයක්ම දරාගෙනයි ජීවත් උනේ… මගේ A/L විභාග ප්‍රථිපල ඒ වෙද්දි ආවා. මොන ප්‍රශ්ණ තිබුනත් මම කැම්පස් යන්න තරම් සාමාන්‍යයෙන් පාස් වෙලා තිබුනා. තේරුන කැම්පස් එක යාපනය කැම්පස් එක. ඒත් මට මිතුන් යන්න දුන්නෙ නෑ. ඒත් ඊටපස්සෙ මට මේ කරදර ඉවරස්ස බැරි තැන, මම 2016 අප්‍රේල් මාසෙ වෙද්දි මිතුන් එක්ක තිබුන සම්බන්දය නවත්තන්න තීරණය කරා. මේ ගැන එයාගෙ අම්මටත් කිවුවා. තමන්ගෙ දරුවගෙන් මේ උන මහ විපත ගැන මේ අම්ම හරිම නිහතමානීව වගේම උපේක්ෂාවෙන් බැලුවෙ. පස්සෙ ඒ වෙද්දි මගෙයි මිතුන්ගෙයි ඩිවෝස් එක උසාවියෙන් දුන්නා.

මේ දුක තනියම අවුරුද්දක් පුරාවටම විඳ දරාගෙන ඉන්න මට හිටියා. ඒ අතරෙ අපේ ගෙදරින් යෝජනාවග් ගෙනාවා. ඒත් මම ඒ වෙද්දි ගැහැණියක් කියල ඒ පිරිමි ළමයගෙ අම්ම දැනන් උන්නෙ නෑ. ඒත් මේ යෝජනාවට මම අකමැත්තෙන් කැමති උනේ මගේ අම්ම නිසා.. මේ පිරිමි ළමයගෙ නම මධූෂ. මම හොඳ වෙලාවක් බලල මධූෂට හැම දෙයක්ම කිව්වා. එයා ඒ හැම දෙයක්ම අහගෙන හිටියා.

අද වෙනකොට මධූෂ පුදුම ආදරේකින් මාව බලා ගන්නවා. ඊලඟ අවුරුද්දෙ අපි දෙන්නගෙ කසාදෙ සිද්ද වෙන්න තියෙන්නෙ…

මේ කතාව මම මේ අයියට කියල ඔයාලට කියන්න හිතුවෙ මගේ මෝඩ කම් හින්ද මට උනා වගේ කවදාවත් ඔයාල ඔයාලගෙ ජීවිතේ නැති කර ගන්න එපා මේ වගේ මිනිස්සු හින්දා. අපි ඔයාල වගේ පොඩි ගැහැණු දරුවන්ට‍ මේ වගේ අමානුශික මිනිස්සුන්ගෙන් මේ වගේ නරකක් වෙන්න තියන්න එපා. මට උන ඉරණම ඔයාලට නොවේවා කියල මම පතනවා…

ඔයාල හැමෝටම හොඳ ජීවිතයක්….

——-

මට (Page Admin) මේ කතාව ඔයාලට ගෙනෙද්දි ගොඩක් කරුණු සංස්කරණය කරන්න සිද්ධ උනා මේ පේජ් එක Public Page එකක් හින්දා.. ඒකට සමාව ඉල්ලනවා.. ඔයාල‍ත් එක්කම මේ පේජ් එකේ ඉන්න නංගි කෙනෙකුට වෙච්චි ඇත්ත කතාවක්.. ඇයගෙ ඉල්ලීම පිට‍ මේ කතාව ඒ ආකාරයෙන්ම කථාවේ තේරුමට බාධාවක් නොවෙන විදියට ඔයාලට ගේන්න ඕන නිසයි ටිකක් දවස් ගියේ මේක හදල දෙන්න හරියට.. ඔයාල මේක කියවල ඔයාලගෙ ජීවිත වලට මොනව හරි දෙයක් ගන්න පුළුවන් නම් එච්චරයි.. මේ වගේ තව කතා ඔයාලට තියෙනව නම් එවන්න මට. ඔයාලගෙ පෞද්ගලික භාවය 100%ක් ආරක්ෂා වෙනව කියල තහවුරු කරල තමයි අපි මේ කතා මේ විදියට දාන්නෙ.

ඔයා මේ කතාව කියෙව්ව නම් අපේ පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න.. තව කෙනෙකුට කියවන්න Share කරන්න කැමති නම්…

Facebook Comments