ඔබ සැබෑ පිරිමියෙක්ද? මෙන්න මෙහෙමයි සැබෑ පිරිමියෙක් වෙන්නෙ

නිව්ගිනියා කලාපයන්හි කිඹුලා සුවිශේෂී උරගයෙක් බවට පත්ව ඇත්තේ එරට සංස්කෘතියේ එල්බ ගත් ඇතැම් චාරිත‍්‍ර විධි නිසාය. දඩයම” මත්ස්‍ය කර්මාන්තය සහ සව් වැනි වගාවන් ආශ‍්‍රයෙන් ජීවත්වන ජනගහනයකින් සමන්විත පැපුවා නිව්ගිනි කලාපයේ පවතින එක්තරා ගෝති‍්‍රක විශ්වාසයක් අනුව මිනිස් ආත්මයක් ලැබීම සඳහා මෙම කිඹුලන් ‘‘චේම්බරි විල්.. ප‍්‍රදේශයේ සිට ‘‘සේපික් ..ගංගාවට පැමිණෙති. චේම්බරි විල අවට ජීවත්වෙන මෙම ගෝති‍්‍රක ජනතාව ‘‘චේම්බරි.. ගෝති‍්‍රකයින් (Chambri) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම ගෝති‍්‍රක ජනගහනය මේස්බයි ප‍්‍රදේශයට කි. මී. 72 ක් පමණ වයඹ දිගින් පිහිටි ජනාවාසයන්හි විසිරී දිවි ගෙවති. ඔවුන්ගේ ජනාවාස Indingai, Kilimbit සහ Wombum ප‍්‍රදේශයන්හි ව්‍යාප්තව ඇත. සේපික් ගංගාවට නැගෙනහිර දෙසින් පිහිටි Palembe ගම්මානයේ පිරිමි දරුවන් ද මෙම චාරිත‍්‍රය අනුගමනය කරන පිරිසක් බවට පත්ව සිටිති.

සෞඛ්‍යාරක්ෂිත නොවන මෙම ඇදහිලි විධි නිසා මරණ පවා සිදු වී ඇති බවට වාර්තාවන් තිබේ.

මෙම කැපුමක් සෙ.මි දෙකක පමණ දිගින් යුක්තය. ඉතා වේදනාකාරී කැපුමෙන් පසුව තුවාල මුඛයේ “මඩ” කොළ යුෂ ආදිය තවරා ගිනි මැලය අසල සිටුවා තබති. ගින්දර නිසා ශාක පත‍්‍ර සහ මැටිවලට දුම් වැදී තුවාල මුඛයේ කිඹුල් සමට හුරු රටාවක් නිරූපනය වේ. පිට පුරාවට රටාව සම්පූර්ණ වූ පසුව මෙම පිරිමි දරුවා සම්පූර්ණ පිරිමියෙකුගේ තැනට පත් වෙන අතර ඔහුට හිස් පළඳනාවක් සහ ආභරණ පළඳවා හරසර දක්වති. දැන් මෙම පිරිමි දරුවන් සැබෑම පුරුෂයින් සේ සලකන අතර භුත බංගලාවේ තවදුරටත් රැඳී සිටිමින් ආගමික වේද සහ ජීවන මාර්ග පිළිබඳව දැනුවත් බව ලබා ගනිති.

උපුටා ගත්තේ elakiri.com වෙතින්.

Facebook Comments