රැකියාවක් කරන ගැහැණු ළමයෙක් සොයා ගැනීමේ වාසි

ගෑණු ළමයෙක් හොයා ගනිද්දි රස්සාවක් කරන හෝ කරල පලපුරුද්දක් තියෙන කෙනෙක් හොයා ගන්න. ගෙදරටම වෙලා හිටපු කෙනෙක් නම් අනිවාරෙන් අවුරුද්දක් වත් රස්සාවකට යවන්න. ‍ඒකෙන් ලැබෙන වාසි තමයි මෙන්න මේවා.

  • පිරිමියා රුපියල් 35,000 ක් හොයාන්න කන කට්ට ගැන සැබෑ අවබෝධයක් ලැබීම මඟින් කසාද ජීවිතයට වැඩි අරපිරිමැස්මක් බිරිඳගෙන් ලැබීම.
  • මුදලේ වටිනාකම තේරුම් යාම නිසා අනවශ්‍ය වියදම් බිරිඳ විසින්ම කප්පාදු කිරීම.
  • Fashion වලට යන වියදම බිරිඳ විසින්ම ඒවා බලා ගැනීම. පිරිමින්ට එතකොට ඒ ගැන හිතන්න අවශ්‍ය වෙන්නෙ නෑ.
  • සාමාජයීය දැනුමක් ලැබීම නිසා ඔබ ව්‍යාපාරික වශයෙන් තවත් කාන්තාවක් සමඟ ගනුදෙනු කිරීමේදී බිරිඳට නිතර නිතර සැක නොසිතීම නිසා පවුල් අවුල් වීමට ඇති ඉඩකඩ අඩුවීම.
  • හදිසි අවස්ථාවක තනිවම වියදම් දරන්න බැරි අවස්ථාවක බිරිඳගේ සහයෝගය ලැබීම. උදා. වැඩි වටිනාමකනික් ඇති දෙයක් එකවර මිලදී‍ගැනීමේදී වගේ දෙදෙනාටම එක්ව සහයෝගයෙන් වියදම් කිරීමට හැකි වීම.
  • වැඩට යාමට ඇති නිසා, ඔබගේ බිරිඳ නිතර ලස්සනට සිටීමට උත්සාහ කිරීම නිසා කසාද ජීවිතය බෝරිං නොවීම.

ඒ වගේම අවාසිත් නැතුවාම නොවෙයි.

  • ඔබ බේබද්දෙක් නම්, ඔබ කාලකන්නියෙක් නම්, ඔබට ගෑණු හතර වටේ සිටී නම්, බිරිඳද රැකියාව කරන ස්ථානයේ ඉන්න වෙන පිරිමියෙක් එක්ක සබඳකම් ඇති කර ගත හැකියි. එබැවින් ඔබට ඉහත වාසි ලඟා කර ගැනීමට අවශ්‍ය නම් ඔබේ දුරාචාර බැහැර කරන්න.
  • සමහර විට ගෙවල් වල අතුපතු ගාන වැඩ වගේ දේවල් හරියාකාරව සිදු නොවීමටත පුළුවනි.
  • උදේට රසට කෑම එකක් හැමදාම ලැබීමටත් නොහැකි වෙන්න පුළුවන්.

‍‍‍‍මේ කරුණු හොඳින් සිතේ තබා ගන්න. කසාද ජීවිතයට හරියාකාරව මුහුණ දෙන්න. දෙදෙනා ගැනම හොඳින් අන්‍යෝන්‍ය අවබෝඳය තියා ගන්න. එවිට ඔබට හොඳ පවුල් ජීවිතයක් ගත කිරීමට හැකි වේ.

Facebook Comments
Tags:,