රටක් ගොඩගත් මිලිටරි ආඥාදායකයා

කර්නල් මුවම්මර් අල් ගඩාෆි (උපත​:1942 ජූනි; විපත:2011 ඔක්. 20) ලිබියානු දේශපාලන හා හමුදා නායකයෙකි. 1969 දී, හමුදා කුමන්ත්‍රණයක් මඟින් ලිබියාවේ ඉඩ්රිස් (Idris) රජු බලයෙන් පහ කොට එරට නායකත්වයට පත් විය.

ගඩාෆි යටතේ ලිබියානු ආර්ථික පිම්ම

ලිබියාව ස්‌වාභාවික සම්පත් වලින් අනූන ය. ගඩාෆි විසින් මෙම සම්පත් තම රට වැසියාගේ යහපත වෙනුවෙන් යෙදවීමට සැම විට ම ක්‍රියාකර තිබේ. ගඩාෆි යටතේ ලිබියානුවන්ගේ සාක්‌ෂරතාව සියයට 10 සිට සියයට 90 දක්‌වා ඉහළ ගියේ ය. ජීවන අපේක්‌ෂාව වසර 57 සිට 77 දක්‌වා නැංවුණි. කාන්තාවන්ට හා කළු ජාතිකයින්ට සමාන අයිතිවාසිකම් හිමි වූ අතර සැමට නිදහස්‌ අධ්‍යාපනය හා නිදහස්‌ සෞඛ්‍ය ලබා දෙන සුබසාධක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබුණි. මුළු ලිබියාව පුරා පිරිසිදු ජලය රැගෙන ගිය ලෝකයේ අටවැනි පුදුමය ලෙස ලිබියානුවන් හැඳින් වූ ස්‌වභාවික ගංගාවක්‌ නිර්මාණය කිරීමට ගඩාෆි කටයුතු කළේ ය. මේ සියල්ල ම කළේ කිසිදු විදේශ ණයක්‌ නොගනිමිනි. මේ අනුව, පසුගිය දා වීදියක දී ලිබියානුවන් විසින් ම ඉතා කෲර ලෙස මරා දැමූ ගඩාෆිගේ පාලන කාලය තුළ ලිබියාව ණයින් නිදහස්‌ රටක්‌ ලෙස ඉතිහාසයට එක්‌වේ. 2010 වන විට ලිබියානු ආර්ථිකයේ වර්ධන වේගය, සියර් අප්‍රිකානු රටවල් පරදවමින් සියයට 10.6 ක පැවතුණි.

කර්නල් ගඩාෆි ද ලිබියානුවන් ඉදිරියේ මුස්‌ලිම් විරෝධියෙකි. බටහිර ලෝකය ඉදිරියේ බටහිර විරෝධියෙකි. මේ නිසා ම තමන්ට ම ආවේනික වූ හේතුන් මත ගඩාෆිගේ මරණය වරක්‌ පරම සතුරන් වූ ලිබියානුවන්ට මෙන් ම බටහිරයන්ට ද කලකින් එකට භුක්‌ති විඳිය හැකි වූ ජයග්‍රහණයක්‌ රැගෙන ආවේ ය.

බටහිර ගැතිකමට එරෙහි ලේ නොසැලු ගඩාෆි විප්ලවය

ගඩාෆි නම් නැගී එන නායකයා 1961 දී ලිබියාවේ බෙන්ගාසි හි පිහිටි රාජකීය ලිබියානු හමුදා ඇකඩමියට ඇතුළත් වන ලදු ව 1966 දී ඉන් උපාධි ලබා පිටවන්නේ ය. උපාධිය ලබා ගැන්මෙන් පසු වැඩිදුර හමුදා අධ්‍යයන සඳහා යුරෝපයට යන ගඩාෆි තරුණයා මාස හතරක්‌ පමණ එක්‌සත් රාජධානියේ දී සිදු කළ හමුදා පුහුණුවෙන් පසු මඳ කලක්‌ ලන්ඩනයේ ගත කිරීමට තීරණය කරයි. මින්පසුවය ඔහු රාජකීය ලිබියානු හමුදාවේ සංඥා බලකායට එකතු වන්නේ.

1969 සැප්තැම්බර් මස 1 වන දින ලිබියාවේ ඉඩ්‍රsස්‌ රජු වෛද්‍ය ප්‍රතිකාර සඳහා තුර්කියේ කාලය ගතකරන අතරතුර රාජාණ්‌ඩුවට එරෙහි ව ලේ බිඳකුදු නොසැලු කැරැල්ලක්‌ මෙහෙයවා ලිබියාවේ බලය සියතට ගත්හ.

බටහිර තෙල් සමාගම්වලට කළ අවසන් දැනුම් දීම්

බලය සියතට ගත් සැණින් ගඩාෆි විසින් අණ කළේ ඒ වන විට ලිබියාව තුළ පවත්වාගෙන ගිය සියලු ඇමරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු වසා දැමීමට ය. බටහිර තෙල් සමාගම්වලට දුන් අණ වූයේ එම සමාගම් තම ජනතාව වෙත වඩාත් වැඩි ලාභයක්‌ ලබා නොදෙන්නේ නම් එම සමාගම් රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව ය. බටහිර සමාගමවලට අන් විකල්පයක්‌ නොවූ අතර අණෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ලිබියාවේ තෙල් ආදායම සියයට 50 සිට සියයට 79 දක්‌වා ඉහළ ගියේ ය.

මේ අතර, ගඩාෆි විසින් දිගින් දිගට ම තෙල් සමාගම්වල සූරා කෑම්වලට එරෙහි ව සටන් කළ අතර 1970 දී පමණ ගඩාෆි මෙම සමාගම්වලට එරෙහි ව කළ සටනේ ජයග්‍රහණය සෙසු ඔපෙක්‌ රටවලට මනා පූර්වාදර්ශයක්‌ වෙමින් ඉරානයේ ෂා රජු ඇතුළු තව බොහෝ තෙල් නිෂ්පාදන රටවල් බටහිර තෙල් සමාගම්වලින් තමා වෙත ලැබෙන ලාභය විශාල ලෙස ඉහළ නංවා ගත්තේ ය.

ගඩාෆිට එරෙහි දේශපාලන කුමන්ත්‍රණ

මේ අතර, ගඩාෆිගේ අරාබි ප්‍රතිරූපය දැඩි සේ සසල වූ ක්‍රියාවක්‌ 1978 දී සිදුවිය. ඒ ෂියා මුස්‌ලිම් ඉමාම්වරයකු වූ මූසා අල් සදාර් ලිබියාවට යන අතර තුර දී අතුරුදන් වීම ය. ලෙබනනය විසින් Rජුව ම මෙම අතුරුදන් වීමට එරෙහි ව ගඩාෆිට චෝදනා කළ අතර ගඩාෆි එය සපුරා බැහැර කරන්නේ ය. මෙම සිදුවීම නිසා, එතැන් පටන් අරාබි ලෝකයේ ෂියා මුස්‌ලිම්වරුන් ගඩාෆි දෙස බලන්නේ වපර ඇසිනි.

ලිබියා කැරැල්ලේ මුස්‌ලිම් අන්තවාදය

ගඩාෆිගේ දිගුකාලීන උපක්‍රමශීලිත්වය තේරුම් ගැනීමට ළඟ බලන මුස්‌ලිම් අන්තවාදයට හැකි වූයේ නැත. ඔවුන්ට කෙසේ හෝ අවශ්‍ය කළේ ගඩාෆිගෙන් පළි ගැනීම ය.

කර්නල් ගඩාෆිගේ අන්තිම කැමති පත්‍රය:

“මගේ මරණයෙන් පසු, මාගේ පවුලේ සාමාජිකයින්, විශේෂයෙන් ම කාන්තාවන් හා ළමුන් හොඳින් රැකබලාගත යුතු ය. ලිබියානු ජනතාව තමන්ගේ අනන්‍යතාව, ජයග්‍රහණ, ඉතිහාසය හා එහි මුතුන් මිත්තන්ගේ හා වීරයින්ගේ ගෞරවනීය ප්‍රතිරූපය රැකගත යුතු ය. ලිබියානු ජනතාව ලිබියාවේ නිදහස්‌ හා හොඳ ම මිනිසුන්ගේ පරිත්‍යාගයන් නොහැරිය යුතු ය.ප්‍රතිරෝධය ඉදිරියට ම රැගෙන යන ලෙස මම මගේ අනුගාමිකයින්ගෙන් ඉල්ලමි, එසේම ලිබියාවට එරෙහි ඕනෑම විදේශීය ආක්‍රමණිකයකුට විරුද්ධ ව අද ද හෙට ද සැමවිට ද ඔබ සටන් කළ යුතු ය.”

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල රට දියුණු කල ඩී.එස්. සේනානායක , බණ්ඩාරනායක ,සිරිමාවෝ, වැනි ගෞරවණීය නායකයන් බිහිවූවාක් මෙන්ම, රටේ තරුණයින් දස වදදී මරා දෑමූ බටලන්ද වදකාගාරගය, මෙරට මහා පාවාදීම වූ මිලේනියම් සිටි මහා පාවාදීම ,නෝර්වේ හරහා කොටියට ජවුසන් නටන්න දුන් සාම ගිවිසුම, රටේ විශාලතම සොරකම වූ මහ බැංකු බෑදුම්කර සොරකම ආදී දේ කල රනිල් වික්රමසිංහත් එමෙන්ම , ජනාදිපතිවරණයකින් බලයට පත්වූ විධායකයක් හරහා රටේ මිනිසුන්ව අමු අමුවේ මරා දෑමූ, තරුණයන් මරා දෑමූ ,ප්රේමදාස වැනි ඝාතකයන්ද බිහි වුනේ මෙම ප්‍රජාතන්ත්‍රවාදය හරහාමය .

හමුදා පාලන රාමුව තුල ඉඩියමින්, පොල්පොට් වැනි කුරිරු ඝාතක පාලකයින් බිහිවූවාක් මෙන්ම, ගඩාෆි වැනි උතුම් පාලකයින්ද බිහිවිය.

මින් නිගමනය කල හැක්කේ මෙරට ජනතාව පාලකයෙක් තොරා ගැනීමේදී සිතා බෑලිය යුත්තේ හමුදා පාලනයක්ද ,ඒකාදිපතියෙක්ද ,ප්රජාතන්ත්රවාදී පාලනයක්ද කියා නොව ,
බලයට පත් වන පුද්ගලයා යහපත් අයෙක්ද ?, රටට සැබැ ආදරයක් පවතින්නෙක්ද ?, රටේ දුශිතයන්ට විරුද්ද වීමට තරම් කොන්ද පණ ඇති පුද්ගලයෙක්ද ?,ජාතියන්තරයට යටවන්නෙක්ද? , NGO කාක්කන්ගේ ගොදුරක් වන්නෙක්ද?, බුදුදහමට සලකන්නෙක්ද ?බුදුදහම පලමු තෑන දෙමින් අනෙක් ආගම්වලට සලකන්නෙක්ද? ත්රස්ථවාදයට එරෙහිව සටන් කරන්නෙක්ද? අසාධාරණයට එරෙහි වන්නෙක්ද? නීතිය නමන්නෙක්ද? දෙශපාලුවන්ට සහ ව්යාපාරිකයන්ට ඔනෑ ආකාරයට නැටවෙන රූකඩයක්ද? රටේ ස්වාධිපත්යය හා භෞමික අකණ්ඩතාවය රකින්නෙක්ද? රට සoවර්ධනය කරන්නෙක්ද? ජනතාවට අසාධරණ බදු පනවමින් පෙලන්නෙක්ද? පාතාලය මර්ධනය කරන්නෙක්ද? රටේ ළමයාත්, කාන්තාවත්, තරුණයාත් රකින්නෙක්ද? ජාතිවාදයෙන් තොර ජාතිකවාදියෙක්ද? රටේ ඒකීයත්වය රකින්නෙක්ද ?. ධාර්මික අයෙක්ද?……….. යනාදී වශයෙනි.

මෙය තනිකරම පුද්ගලබද්ද කාරණයකි. යහපත් පාලනය වනාහි තනිකරම පුද්ගල බද්ද කාරණයකි.පාලකයාගේ සිතුම් පැතුම් ආකල්ප මත වෙනස් වන්නකි.

ඒකාධිපති භිතිකාව ඇමරිකාව ප්රමුක බටහිර රටවල් විසින් තමන්ට ලෝක බලය රෑකීමට අවශ්ය ආකාරයට වෙනත් රටවල් නැටවීමට නොහැකි වීමෙන් ඇති වන අපහසුතාවය නැති කරගෑනීමට ජාත්යන්තරයේ බිහිකල භීතිකාවක් පමණි.

අන්තර්ජාලය ඇසුරින්

Facebook Comments