Online Store එකකින් බඩුවක් මිලදී ගන්න ‍කොට සැලකිලිමත් විය යුතු දේවල්

Online බඩු Order කරනව කිව්ව ගමන් කට්ටියට මතක් වෙන්නෙ eBay. ඒක හරියටම හරි.. සිය දහස් ගණන් website වලින් මුල් පුටුවෙ රජ කරන්නෙ eBay,  Aliexpress, Alibaba, වගේ සයිට්.. මොනව හරි පොඩි Gift එකක්, Electronic Item එකක් වගේ දෙයක් ලංකාවෙ ගානට වඩා අඩුවට ගෙදරටම ගෙන්න ගන්න ඕන නම් ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ.. මේ eBay හරි Aliexpress පැත්තෙ හරි ගියා නම් හොඳ Price එකකට ඔයාලට හොයා ගන්න පුළුවන් ඕනම කරන Item එකක්. හැබැයි ඉතින් ලංකාවට නම් Internet පාවිච්චි කරන අයගෙනුත් 10% ක වගේ පිරිසක් තමයි මේ Service එක පාවිච්චි කරන්නෙ. ඒ හින්ද අද මම මේ කියන්න යන්නෙ මේ Online Store එකකින් බඩුවක් මිලදී ගන්න කලින් සැලකිලිමත් විය යුතු කරුණු ටිකක්… බලන්නකො කියවල ඔයා දන්න දේවල්ද මේ කියල..

01. විකුණන Seller ගෙ reputation එක.

‍මේ Site හරියට Super මාකට් වගේ.. ලක්ෂ ගානක් මුඳලාලිලා විකුණනව එක එක දේවල් මේ සයිට් එකේ.. ඉතින් අපිට හොඳම Seller ව හොයා ගන්න එක ටිකක් අමාරුයි කියල හිතුවට මේ Website වල Seller ල ට සෙල්ලම් දාන්න බෑ අපේ රටේ කඩවල් වල මුදලාලිලාට වගේ.. ඔයාට තියෙන්නෙ Seller ගෙ Profile එක පැත්තෙ ගිහින් අනික් Buyers ල මොනවද මේ Seller ගැන කියල තියෙන්නෙ කියල බලන්න.. Reviews & Rating කියන්නෙ ඒවට තමයි.. එතකොට දැනගන්න පුළුවන් මේ Seller ගෙ බඩු ‍හොඳද, ඌ හොරෙක් ද, කොහොමද Service එක කියල..

02. මේ තෝර ගන්න බඩුවෙ Price එක නිවැරදීද?

ඔයා ගොඩාක්ම අඩුවට තියෙන ඒව පස්සෙ යන්නත් එපා. මොකද චීනෙ බාල බඩු විකුණන කට්ටියත් ඉන්නව.. ඒක Reviews වලින් අඳුර ගන්නත් පුළුවන්. ඒ වගේම එකම බඩුවෙ Sellers ල කිහිප දෙනෙකුගෙ Prices & Reviews සංසන්දනය කරල බලන්න.. දැක්ක ගමන් Order දාන්න යන්න එපා.. එතකොට ඔයාට තේරෙයි කොයි Sellers ලද හොඳ කියල..

03. Seller ගෙ Respond එක.

ඔයා තෝරා ගත්ත Sellers ල ටික දෙනාට නිකන් Message එකක් දාල බලන්න Order කරන්න කලින්.. එයාල දවසක් ඇතුලත වගේ Reply කරනව නම් ඒ කට්ටිය Serious Sellers ල. දවස් 5ක් 6ක් යනව නම් ඒ කට්ටියගෙන් Order දාන්න යන්න නරකයි.. හැබැයි ඉතින් Top Rated Sellers ල ඉන්නව Reviews සුපිරියටම තියෙන.. ඒ හින්ද මේ කාරනේ එච්චරම ලොකු දෙයක් නෙමෙයි…

Woman on her laptop with credit card in hand and smiling

ඔන්න දැන් බඩුව තෝරා බේරාගෙන තියෙන්නෙ.. දැන් මේක Order කරන්න ඕන. කොහොමද මේක කරන්නෙ?

ඔයාට ඕන වෙනව Internet එකේ Payment කරන්න පුළුවන් Debit Card එකක් හෝ Credit Card එකක්. Credit Card වල නම් මේක ලේසී… Commercial, HNB බැංකු වල Debit වලයි, Sampath Bank එකේ Web Card වලිනුයි ගෙවීම් කරන්න පුළුවන්.

ඔයා eBay එකෙන් Order කරනව නම් අනිවාර්යයෙන්ම PayPal Account එකක් හදාගෙන PayPal එකට ඔයාගෙ Card එක Link කරල, PayPal හරහ ගෙවීම් කරන්න වෙනව. Aliexpress නම් කෙලින්ම කාඩ් එකෙන්ම පුළුවන්.. ඔයාට email එකකුත් ඕන වෙනව වැඩේට.

හරි දැන් කොහොම හරි Order එක දැම්මම එයාට Email වලින් හම්බෙනව Tracking Information, Shipping information, Payment Notification ළුගේ මේ සෙට් එකම. ඊට පස්සෙ ඔයාට තියෙන්නෙ බලාගෙන ඉන්න විතරයි බඩුව එනකන්..  අපේ යාලුවො ගොඩ දෙනෙක් මාසයක් වගේ යද්දි බය වෙනව බඩුව එන එකක් නෑ කියල.. එහෙම එකක් නෑ. සමහර බඩු ලංකාවට ඇවිත් ගෙදරට එන්න, මාස 3ක් ගිහින් තියෙන අවස්ථා තියෙනව.. Seller Reputed කෙනෙක් නම් බය වෙන්න දෙයක් නෑ. මොකද උන්ට ඕන පොඩි Dollar 2 ට 3 ට වාසි ගන්න නෙමෙයි, එයාගෙ නම තියා ගන්නයි එයාට ඕන.

සමහරු නම් ජරාම ජරා වැඩක් කරනව. ඒ 2$ 3$ වගේ පොඩි දේවල් ගෙන්නගෙන ඒක හම්බුනේ නෑ කියල ආයෙ සල්ලි බැක් කර ගන්න එක.. ඒක කවදාවත් කරන්න එපා.. මොකද ඒ Seller එදයින් පස්සෙ ලංකාවට බඩු එවන එක නතර කරනව. දැනටමත් eBay, Aliexpress වගේ සයිට් වල ඉන්න American, UK, Australia වගේ සුපිරි Sellers ල එකෙක් වත් ලංකාවට එවන්නෙ නෑ. චීන කට්ටිය විතරයි ඉතුරු. උන් ටිකත් නැති කරගන්න එපා Refund ඉල්ලන්න ගිහින් ඔන්න..

ලිපිය හොඳයි නම් පොඩි Share පාරක් දාල සප් එකක් දෙන්න ආ…