තහනම් ගසේ ගෙඩි කන්න ඔයත් යනවද? ප්‍රතිඵල මේන්…

2015 වසරේ සිදු වු සත්‍ය සිදූවීමක් ඇසුරින්

මහාධිකරණ නඩු අංක HC 1235/ 15

විත්තිකරු : පටබැඳි ආචාරිලාගේ තරූෂ සඳකැලුම්….

චෝදනාව : නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වීම ස්ත්‍රී දූෂණයක් සිදු කොට නිවසේ දේපල මං කොල්ල කෑම…

මහාධිකරණයේ විත්ති කූඩුවට නැග්ගේ ටයි පටියකින් සැරසුනු අත් දිග කමිසයකින් සැරසුණු කඩවසම් ප්‍රියමනාප තරුණයෙකි. ඔහුගේ මුහුණ බැලු බැල්මට මොහු හොරෙකු හෝ තක්කඩියෙක් බව නොවන බව පැහැදිලියි.

” තමුන්ට මේ මහාධිකරණයේ නඟා ඇති අධී චෝදනාවලට වැරදිකරුද ? නිවරැදිකරුද…? ”

” නිවරැදිකරු ස්වාමිනි…”

යනුවෙන් හිස පහතට නමා ඔහු පහත් කරමින් අධිකරණයට ඔහු ආචාර කලා..

තමුන්ට මහාධිකරණය ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 2 ක් නියම කරනවා…ඒ වගේම උසාවි පොලිස් නිලධාරීයාට තමුන් ඇඟිලි සලකුණු ලබා දෙන්න ඕනේ..

” නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම ඉදිරි දිනයේදි සිදු කරනවා. සාක්ෂිකරුවන්ට සිතාසි යැවීමට නියෝග කරනවා..”

විත්තිකරු ඇප තබන තුරු බන්ධනාගාර නිලධාරින්ගේ අත් අඩංගුවට පත් විය.

මගේ සිතට දැනුනු හැඟිම් වුයේ මේ පුද්ගලයා මේ වරදට සම්බන්ධ වූ නියම කෙනාද යන්නයි…? මෙවැනි වරදකට ඔහු පෙළඹුනු හේතුව මොකක්ද යන්න ඔහුගෙන් හාරා අවුස්සා බැලිමට මට සිත් පහල වුනා..අධිකරණය කටයුතුවලින් පසුව ඒ අනුව මම ඔහු වෙත සමීප වී මේ සිදුවීමේ මුල අඟ අසා දැන ගැනීමට ඔහු සමඟ ඉක්මනින්ම කුලුපග වුනෙමි..

” මොකක්ද කේස් එක මචං…”

” රේප් කරලා මං කොල්ලා කෑවලු ”

” කාවද….? ”

” මං යහලු වෙලා හිටියා ගෑනු කෙනෙක්ව…”

” මොකක්ද සිදුවීම…”

ඔහුගේම වචනවලින්ම අපි කතාව අසා දැන ගනිමු.

මට වයස අවුරුදු 25 යි…කලමණාකරණ උපාධියක් තියෙනවා … පුද්ගලික බැංකුවක සහාකාර කලමනාකාරුවෙකු ලෙස සේවය කලා…දැන් මේ නඩුව නිසා වැඩ තහනම් කරලා තියෙන්නේ…අපේ බැංකුවත් එක්ක නිතරම ගනුදෙනු කරපු ලස්සන ලේඩි කෙනෙක් හිටියා…එයා නැටුම් ගුරුවරියක්…එයා හබී වතු අධිකාරීවරයෙක්…බැඳලා බබාලා නැහැ ගොඩාක්ම සල්ලී තිබ්බා..ඒ ලේඩි සතියට සැරයක් බැංකුවට එන නිසා දැන හඳුනාකමක් ඇති වුනා.. ගොඩාක්ම Social එයා…ආවාම බැංකුවෙන් යන්නෙත් නැහැ ..

ලෙහෙසියෙන්ම පැය ගණන් කතාව…ඔය අතරේ බැංකුවේන් ලක්ෂ 20 ක ලෝන් එකකුත් පාස් කරලා දුන්නා…අන්තිමේදී මගේ ෆේස්බුක් එකටත් ඇඩ් වුනා…කාලයක් යනකොට එයාට මාව නැතුව බැරි තත්ත්වයට පත් වුනා…අපි අතරේ තිබු මිතුරුකම වෙන දෙයකට හැරෙන බව මට තේරුම් ගියා..දවසක් එයාගේ ගෙදරට එන්න කියලා මට ආරාධනා කලා..කවුද ඉතින් එන්න කිව්වාම නොයන්නේ…? ලොකු අක්කර ගණනක් වත්තක් මැද හදපු ලොකු ගෙයක්..එයා විතරයි ගෙදර එන්නේ.. හස්බන්ඩ් සතියකට සැරයක් ගෙදර එන්නේ…ගෙදර ගියහම මට හොඳට සැලකුවා…එයා දුක මට කියන්න පටන් ගත්තා..හබී එයාගේ උවමනා එපාකම් ගැන හොයලා බලන්නේ නැලු..සල්ලි හොයන එක විතරයිලු..ලමයෙක් හදාගන්න වත් උනන්දුවක් නැහැලු..ඒ කතාව ඇහුවාම මට ගොඩාක්ම දුක හිතුනා..ඒ නිසා ගැහැනියක් හැටියට එයාගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න මට සිදු වුනා…මමත් තනිකඩ කොල්ලෙක්නෙන්…මටත් මේක නැතුවම බැරි දෙයක් බවට පත් වුනා…සතියකට සැරයක් එහෙ ගිහින් තහනම් ගහේ ගෙඩි කැවා..කතාවක් තියෙනවා අහලා නැද්ද …

හැමදාම හොරවැඩ කරන්න බැහැ ..දවසක් කවුරුත් නොහිතපු වෙලාවක එයාගේ හබී ගෙදරට ඇවිත් අපි දෙන්නා රූම් එකේ ඉන්නකොට අතටම අහු වුනා…මට පැන ගන්න බැරි වුනා කොටු වුනා..ගෙදර තිබ්බ තුවක්කුව ගෙනැවිත් දික් කර අපිව දණ ගැස්සුවා..තොපි දෙන්නම වෙඩි තියලා මරණවා… කියලා තර්ජනය කලා..බැල්ලී තෝ මම කියන විදිහට වැඩ කරන්න ඕනේ.. නැතිනම් තෝව මහපාරට ඇඳලා දාලා..මූව හිරේ යවනවා..තෝ මේක රේප් කේස් එකක් විදිහට හදන්න ඕනේ..මම කියන විදිහට වැඩ කරපන් කිව්වා..ඊට පස්සෙ පොලිසියේ ලොකු මහත්තයෙකුට කතා කරලා උපදෙස් ගත්තා..පස්සේ පොලිසිය ගෙනැවිත් භාර දුන්නා..ගෙදර තිබු රත්තරන් බඩු…සල්ලී…මංකොල්ල කන්න ආවාලු…බලහත්කාරයෙන් දූෂණය කරාලු..හිස්කොල වගයකට පොලිසිය මගෙන් අත්සන් ගත්තා..බොරු නඩුවක් නිර්මාණය කරා…එයාලාට ඕනේ විදිහට ..සාක්ෂි ගෙතුවා..ඒ ලේඩි මට කොච්චර ආදරය වුනත් කරන්න දෙයක් තිබ්බේ නැහැ …හබීට බයයි…මාව බේර ගන්න විදිහක් තිබ්බේ නැහැ ..වෛද්‍ය වාර්තාවට අනුව අපි අතර ලිංගික සංසර්ගයක් සිදු වෙලා කියලා තහවුරු වෙලා තියෙනවා ..ඒත් ඒක කැමැත්තෙන් වුනේ…මේ ගෑනි බොරුවට සාක්ෂි දෙනවා දැන්…මම ගේ මං කොල්ලා කන්න ඇවිත්…එයාව රේප් කරා කියලා..මටත් හිත ගන්න බැහැ පණ දෙන්න හිටපු ගෑනි මට විරුද්ධව උසාවියේ සාක්ෂි දෙන්නේ ඇයි කියලායි…එයාට මට වඩා එයාගේ පවුල හා ඒකේ ගෞරවය වටිනවා ඇති….දැන් මේ සිදූවිම වෙලා අවුරුදු 6 ක් වෙනවා…ජොබ් එකත් නැති වුනා…ඔක්කොම දේවල් නැති වුනා.. දෙමාපියන් දෙන්නා නැති වුනා හිත් වේදනවාට..කවදා හරි හිරේ යන්න වුනොත් ඒ නිසා වෙන කසාදයක් බඳින්නත් හිතෙන්නේ නැහැ …තව ගැහැනු කෙනෙක් අමාරුවේ දාන්න ඕනේ නැහැ නේ..දැනට ඉන්සුවරන්ස් කම්පැනි එකක දැනට වැඩ කරනවා…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

වසර කිහිපයකට පසු පුවත්පතක දකින්නට ලැබුනේ මෙම සිදූවිමට සම්බන්ධ තරුණයා අදාල චෝදනා සඳහා වසර 22 ක සිර දඬුවම් නියම වු බවයි. ඔහුගේ හා මෙම කාන්තාව අතර තිබු අනියම් සම්බන්තාවය අධීකරණයේදි ඔප්පු කිරිමට විත්තියේ නීතිඥයා ඇය විසින් එවන ලද ෆේස්බුක් පණිවිඩ හා චායාරූප අධිකරණය වෙත ඉදිරිපත් කලද එවැනි දේ ඕනෑතරම් නිර්මාණය කල හැකි බැවින් ඒවා පිලි නොගැනීම විත්තිකරුට අවාසි සහගත විය. ඩී.එන්.ඒ පරීක්ෂණයේදි මෙම තරුණයාගේ ශුක්‍රාණු මෙම කාන්තාවගේ යෝනිය තුල තිබු බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ..පැමිණිලිකාරිය ඇඬු කඳුලින් සාක්ෂි ලබා දී ඇත්තේ…මොහු තමුන්ට මරන තර්ජනය කර කෙලෙසා නිවසේ වටිනා දේපොල කොල්ල කෑ බවයි. කොල්ල කන ලද දේපල මොහූගේ නිවසේ සඟවා තිබු බවට පොලිස් නිලධාරීන් සාක්ෂි ලබා දී තිබේ. ඒ අනුව විත්තිකරු අදාල නඩුවේදි වරදකරු බවට පත් විය.

ඔන්න කොටු පැනීමේ ප්‍රති විපාක. හැමදෙයක්ම හොඳට යනකම් හොඳයි. අහු වුනදට සොරි තමයි…මෙවැනි දේවල්වලට සම්බන්ධ අය මේක දිහා බලාගෙන හැදෙනවා නම්…හොඳයි. තරුණ කෙනෙකුගේ ජීවිතයක් විනාශ වුන ආකාරය බලන්න… මේ කතාව ඔයාගෙයි යාළුවොන්ගෙයි ජීවිතයට වැදගත් යැයි හැ‍ඟේ නම් Share කරන්න.

Facebook Comments