සිංහල හා මුස්ලිම් ගැටුමට මූලික වෙච්චි ඇත්තම හේතුව මෙන්න මේකයි

දින කිහිපයක් තිස්සෙ මේ වෙලාවෙ මුළු රටම ගිනිබත් වෙලා.. අරාජික වෙලා. මුස්ලිම් සහ සිංහල දෙපිරිස අතරෙ සටනක් වෙලා මේක. මේකට හේතුව මොකක්ද? කාගෙන් හරි ඇහුවොත් මේකට හේතුව මොකක්ද කියල ඕන කෙනෙක් කියයි, වඳ පෙති හම්බුන එකයි, නුවර සිංහල කොල්ලෙක්ට මුස්ලිම් කොල්ලො 4 දෙනෙක් ගහල මරපු එකයි කියල. හැබැයි ඒක නෙමෙයි ඇත්තම හේතුව. දැන් කියන්න යන්නෙ හැමෝටම අමතක වෙච්චි හැමෝම දන්න, හැබැයි මුනිවත රකින ඇත්තම හේතුව ගැන.

අපේ මහ ලොකු ආණ්ඩුවට කියනව මෙන්න මේ කරුණු ටික හැකි ඉක්මනින් විසඳල දාන්න කියල. එතකොට මේ ප්‍රශ්ණ ඔක්කොම 100%ක් නැති වෙනව සහතිකයි.

හලාල් සහතිකය සම්පූර්ණයෙන්ම රටින් තහනම් කිරීම. (කෑම වලින් රටේ මිනිස්සු දෙකට බෙදන්නෙ මේකෙන්.)

ශරියා බැංකු තහනම් කිරීම. (වානිජමය අතින් රටේ මිනිස්සු දෙකට කිරීම.)

බුර්කාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීම. (ඇඳුම් වලින් මිනිස්සු දෙකඩ කිරීම)

ශරියා විශ්ව විද්‍යාල මේ රටට අවශ්‍ය නෑ. මඩකලපුවේ ඒ හදන විශ්ව විද්‍යාලය සාමාන්‍ය විශ්ව විද්‍යාලයක් කිරීම. (අධ්‍යාපනයෙන් ජනයා දෙකට කිරීම)

විල්පත්තුව කප කප විනාස කරන එක 100% ක් නවත්තල ඒ විනාසය කරන රිශාඩ් බදියුදීන් කියන අවලමාව අත්අඩංගුවට ගැනීම.

බුදුහාමුදුරුවො මිනී මස් කෑව කියල අපහාස කරපු එවුන්ව වසර 10 කට වත් සිරමැදිරියකට සීමා කිරීම. (මතක තියා ගන්න මේක බෞද්ධ රටක්)

නිවැරදි තොරතුරු මාධ්‍ය වලින් විකාශය කිරීම.

කොටින්ම කියනව නම් සිංහල දෙමල මුස්ලිම් කියල බෙදන්නෙ නැතුව හැමෝටම එක විදියට නීතිය ක්‍රියාත්මක කිරීම.

මේ දේවල් නොකර Facebook, Twitter, තහනම් කරා කියල රටේ ප්‍රශ්න විසඳන්න බෑ. ගොං හරක් වගේ වැඩ කරනව රටේ ඇත්ත ප්‍රශ්නය දැක දැක මුනිවත රැකීම තුලින්. රනිල්ටයි, සිරිසේනටයි, රාජපක්ෂලා ටයි කියන්නෙ රටේ ඇත්ත ප්‍රශ්නෙ ඔන්න ඔය කිව්ව කරුනු ටික. ඔය ටික කරන්නෙ නැතුව මොනව කරල වත් වැඩක් නෑ කියන එක මතක තියා ගන්න.. සුලු අන්තවාදීන්ගේ හිත් සතුටු කරනවද? නැත්නම් ඉතිරි කාලයේ මුලු ලංකාවම ගිනිබත් වෙනව බලාගෙන ඉන්නද ආස?

දැන් වත් මේ මෝඩ තකතීරුවන්ගෙන් ඉල්ලා සිටිනව, කරුණාකර ‍රටේ ප්‍රශ්න ඇති කරන සැබෑ ප්‍රශ්න ටිකට විසඳුම් දෙන්න. අන්න එදාට අපේ රටේ මිනිස්සු මේ කලකෝලාහල් කරන එක නවත්තයි.