සිංහල ජාතිය පවතින්නේ විජයගෙන්. රාවණාගෙන් නෙමෙයි. තහවුරුයි.

මේ දවස් වල නිතර නිතර යනව රාවණා ගැන කතා TV එකේ එහෙම. සමහර පුරාවිද්‍යා කට්ටිය එහෙමත් නිතරම හොයන්නෙ රාවණාගෙ දේවල්. බුකියෙත් යනව නිතර නිතර අපි මහා රාවණාගෙන් පැවතගෙන එන ජාතියක් කියල. ඉතින් මේ අතරෙ මට කල්පනා උනා ඇත්තටම අපි රාවණාගෙන් ද පැවතගෙන එන්නෙ කියල. මුලින්ම මම Title එක විදියට දාපු එක ගැන දැම්ම හිතන්න එපා මේ ලිපිය කියවල ඉවර වෙලා බලන්න Title එක තව පාරක්..

අපි හැමෝම ඕනවටත් වැඩියෙන් රාවණා ගැන දන්නවනෙ. ඉතින් අපි බලමු මේ විජය කියන්නෙ කවුද කියල.

කෙනෙක් වැරැද්දක් කරාම දඬුවම් දෙනව. ලොකුම වැරැද්දක් කරා නම් හිරේ දානව. තවත් ලොකු වැරැද්දක් කරා නම් මරණ දණ්ඩනය. ඉතාම නරක වැරද්දක් නම් පිටුවහල් කරල දානව රටින්.. විජය කියන්නෙ ඉංදියාවෙන් පිටුවහල් කරපු කෙනෙක්. පිටුවහල් කරද්දි පොරත් එක්ක හිටපු මහා සේනාවක් එක්කම පිටුවහල් කරන්න නම් ඒ මිනිහ කොහොම බලු වැඩක් කරල ඇද්ද? කොහොම බලු ගති තියෙන්න ඇත්ත? පට්ට පජාත ජරා ගති තියෙන අවලම් බල්ලෙක් වෙන්න එපායැ.

හැබැයි අපේ උන්දැල නම් කියන්නෙ සිංහල ජාතිය කියන්නෙ විජයගෙන් පැවතගෙන එන කට්ටිය නෙමෙයි, අපි නම් මහා රාවණාගෙන් පැවතගෙන එන සුපිරි සිංහලයො, යක්කු බොලව්… කියල… මට මතකයි මාත් කාලයක් පට්ට උජාරුවෙන් ඔය Posts එහෙම බුකියෙ Share කරේ… හැබැයි දැන් නම් හිතෙනව අපිට රාවණා කියල කෙනෙක් හිටියද නැද්ද නම් දන්නෙ නෑ. රාවණා පරපුරෙන් නම් නෙමෙයි අපි පැවතගෙන එන්නෙ. ඒක නම් දැන් හොඳටම විශ්වාසයි.

මේ ලඟදි දැක්ක බෞද්ධයාගේ සිද්ධස්ථානයක් වන ශ්‍රීපාදස්ථානය ට අපේ ගොයියො ගිහින් ප්ලාස්ටික් බෝත්ල් කෑලි බුදුන් වැඩිය ස්ථානයේ බුදුන්ගෙ සිරි පතුලට පූජා කරල ඇවිල්ල තිබුන.

පේනවනෙ අපේ ගං කබරයින්ගෙ වැඩ.

මම මේ ලඟදි රක්ෂිතයක් හරහා වැටිල තිබ්බ පාරක ගියා බයික් එකේ.. අම්මෝ පාර දෙපැත්තෙම අපේ සක්කිලින්ගෙ ගෙවල් වල තියෙන කුණු ටික රක්ෂිතයෙ ඉන්න සත්තුන්ට කන්න වෙන්න ඇති ගෝනි ගෝනි වලට දාල ගොඩ ගහල ගිහින්. ඔන්න රාවණාගෙන් පැවතගෙන එන‍ ශ්‍රේෂ්ඨ ජාතියේ ලක්ෂණ. 2500 ක ප්‍රෞඩත්වය. අප්පගෙ රෙද්ද තමයි.

කෝච්චියක බස් එකක යද්දි බලන්න ඕන අපේ රාවණා පරපුරේ එවුන් ඒව විනාස කරන විදිය. ටින් බෙලෙක්ක වලින් වීදුරු වලට ගහ ගහ සිංදු කියනව. තව එකෙක් කාපු කාපු දේවල් කෝච්චියේ බිමට දානව. තව එකෙක් බුලත් කෙල ටිකෙන් කෝච්චිය නාවනව. 2500 ක ඉතිහාසයේ ප්‍රෞඩත්වය. ඔව් ඔව් උඹල රාවණාගෙන් තමයි පැවතගෙන එන්නෙ.

මම අහල නම් නෑ රාවණා රජතුමා ගංජ ඔතල හඳ බැලුවයි කියල.. උඹල අහල තියෙනවද එහෙම? ගල් සොට් එකක් දාල හවසට ගජරාමෙට වෙරි වෙලා ඇවිත් පැහැරගෙන ආව සීතට අඩත්තේට්ටම් කරා කියල උඹල අහල තියේද? මම නම් අහල නෑ. හැබැයි රටින් සේනාවකුත් එක්ක පිටුවහල් කරපු විජය කියන තක්කඩිය නම් ඔව්ව කරල නෑ කියල කියන්න බෑ. උඹල මහා රාවණාගෙන්ද පැවතගෙන එන්නෙ? අනේ නිකන් පලයන් බන් යන්න.

දන්න තරමින් රාවණා රජතුමා, පැහැරගෙන ආව සීතට නියපොත්තෙන් වත් කරදරයක් කරල නෑ. ඒ හින්දම අවසානෙ සීත, රාවණා ට ආද‍රය කරා කියල මම අහල තියෙනව. තොපි එහෙමද? දකින දකින ගෑණි පස්සෙ දුවනව.. බුකියෙ කෙල්ලෙක්ට ඉන්න නෑ. කලු බෝංචි කරල් වල පොටෝ, බුකියෙ ඉන්න කෙල්ලන්ට යවන නොසන්ඩාල ගූ සූඩයො ටිකක් දැන් ඉන්නෙ ලංකාවෙ 🤣😂 ඒව කොර කොර කියන්නෙ අපි නම් රාවණාගෙන් පැවතගෙන එන එවුන් කියල. උඹලගෙ අප්පගෙ වැරැද්ද බොලව් ඔය.

අල්ලපු ගෙදර එකාට ටිකක් හොඳට සල්ලි බාගෙ තියෙනව නම්, ඔන්න ඊරිසියාවට කොඩි වින කරනව හැඳි ගෑවිලාම පලයන් කියල.. රාවණාගෙ පුරුද්ද වෙන්න ඇති. 😆 ජීවිතේට තමන්ගෙ එකෙක්ට ගොඩ යන්න උදව් කරන්නෙ නෑ. කකුලෙන් ඇදල වට්ටල දාන පාහර වැඩමයි කරන්නෙ. ඒ අතින් මුස්ලිම් එවුන් උන්ගෙ උන්ගෙ එවුන්ට අත හිත දීල උන්ව ට්‍රැක් එකට දාගෙන දියුණු වෙනව පරම්පරාවම.

රාවණා කියන්නෙ රටට ආදරේ කරපු එකෙක්. හැබැයි අපේ සක්කිලි ටික රට විනාස කරනව. තියෙන ගස් ටිකේ ඉඳන් කපල දාල මේ රට විනාස කරන්නෙ හරියට උන්ගෙ නෙමෙයි වගේ. රටේ ඉන්න අලි ටිකේ ඉඳල හැම සතෙක්ම මරල දානව. විජය නම් ඔව්ව කරන්න ඇති හොඳට. නැත්නම් ඔහොම පිටුවහල් කරයිද. ඒ උනාට උඹල රාවණාගෙන් පැවතගෙන එන්නෙ නේද? (අප්පට හාල් ගරන්න @#%#$ 😂 )

දැන් ඉන්න අලුත්ම රාවණා පරමුවේ New Generation එක තමයි හොඳම. උන්ගෙ ජීවිතේ තියෙන්නෙ Mobile Phone එකෙයි, අරක්කු බාගෙයි, සිගරට් එකෙයි. කතා කරන මාතෘකාව කෙල්ලො ගැන. නැත්නම් ගංජ ගැන. ගෑනු උදවියත් එහෙමම තමයි. උන්ට තව එකෙක්ට කියල ඇනගන්නකන් නින්ද යන්නෙ නෑ දැන් කාලෙ… ඔව් අතගාල බලපල්ල බොරු නම් උඹලගෙ බෝතල් පත්තරේ තාම යහතින් තියෙනවද නැත්නම් වෙන එකෙක් කැටපෝල පාරක් දීල හිල් කරලද කියල. රාවණාගෙන් පැවතගෙන එන ගෑණු ඒ. 😜

(ලැජ්ජයි යකෝ මාත් අවුරුදු දෙක තුනකට කලින් කිය කිය හිටියෙ අපි රාවණාගෙන් පැවතගෙන එන සුපිරි සිංහලයො කියල. ඒව මතක් වෙද්දි එල්ලිලා මැරෙන්න හිතයි… නොදකින් මේ වගේ අවලං ජාතියක් ඉන්න රටක ඉපදුනානෙ අම්මපල්ලා.)

කොටින්ම කියනව නම් උඹල ගෙනියන බත් මුලේ පොලිතීන් එක කාපු තැන දාල එන එකෙක් නම් හිතා ගනින් උඹ රාවණා නෙමෙයි රාවණාගෙ බල්ලගෙන් වත් ජාතක වෙලා නෑ කියල.

දැන් උඹල මම මේ පෝස්ට් එකට දාපු Title එක බලපන්. බලල තීරණය කරල තව රාවණාගෙන් පැවතගෙන එන නිකමෙක්ට කියවන්න Share කරල දාපල්ලා…

Facebook Comments