Facebook, Viber, Whatsapp අවහිරය නිසා රටට විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වෙලා

අද වන විට Social Media (Facebook, Viber, Whatsapp, Messenger) අවහිරයට දින ගණනක් වෙනව. තවමත් දිවයිනේ කිසිදු පෙදෙසකින් සෘජුව මෙම Social Media වෙත කිසිදු පුද්ගලයෙකුට සම්බන්ධ විය නොහැක. VPN (Virtual Private Network) ආධාරයෙන් සම්බන්ධ වුවත් ඒව එතරස් සාර්ථක නැති බවයි බොහෝ දෙනෙකුගේ අදහස. ඒ වගේම තාක්ෂණික දැනුම නොමැති හේතුවෙන් 90% ක් පමණ ශ්‍රී ලාංකිකයින්ට තවමත් Social Media හරහා සම්බන්ධ වන්නේ කෙසේදැයි දැනුමක් නැත. මෙම අවහිරය (Block) නිසා රටට උන පාඩුව නම් අති විශාලයි. අර වන විට රිම් එකෙන් යන ආණ්ඩුවට තවත් හොම්බෙන් යන්න වැඩක් තමයි වෙලා තියෙන්නෙ මේ හින්ද.

අද වන විට සංචාරක කර්මාන්තයේ නියලෙන බොහෝ දෙනෙක් විදේශිකයින් සමඟ සම්බන්ධතා පවත්වන්නේ මෙම Social Networks හරහායි. වේ වන විට ඔවුන්ට මෙම විදේශිකයින් සෘජුව සම්බන්ධ කර ගත් නොහැකිව විශාල අපහසුතාවයකට පත්ව තිබේ. මෙම නිසා රටට එන ඩොලර් අති විශාල කන්දරාවක් රටට අහිමි වී ඇත හා අහිමි වෙමින් පවතී.

තව Freelancer ලෙස අන්තර්ජාලයෙන් වැඩකරන බොහෝ දෙනෙක්ට ඔවුන්ගෙ කර්තව්‍යයන් කර ගැනීමට අපහසු වෙලා තිබේ. මෙම නිසාත්, රටට ලැබෙන ඩොලර් ප්‍රමාණයක් නැති වී තිබේ.

විදේශිකයින් හා මෙරට පුද්ගලයින් සම්බන්ධ වන මෙම Social Media අවහිරය නිසා ඔවුන්ගේ communication cost එක ‍සඳහා විකල්ප ක්‍රම වෙත යාමට සිදුවී තිබීම තවත් අපහසුතාවයක්.

ඒ වගේම, මෙම හේතුව නිසා, ක්ෂණිකව රටේ විශාල ව්‍යාපාර ප්‍රමාණයකට Sales අඩු වී ඇත. ඒ, Facebook හි ඇති Sponsor Adds භාවිතා කර ඔවුන්ගේ Sales කර ගන්නා පිරිසට තමන්ගේ ව්‍යාපාර කටයුතු කර ගැනීමට මෙය විශාල බාධාවක් වී ඇත.

ඉතින් දැන් වත් අපි රජයට මතක් කරන්නෙ තව තවත් රට අවුල් ජාලයකට පත් කරන්නේ නැතුව මෙම අවහිරය ඉතා ඉක්මනින් නවතා දමන්න කියල. එය රටටත්, අාණ්ඩුවේ ඉදිරි අනාගතයටත් ඉතා හොඳ වෙයි කියල මතක් කරන්න කැමතියි.

ස්තූතියි.

තව කෙනෙකුට බලන්න Share කරන්න.