රෙදි ගන්න ගියාම ෆිටෝන් රූම් වල කැමරා තියෙනවද කියල හොයන හැටි

ඔන්න මේ ලිපිය නම් අපේ කාන්තා පාර්ශයවට ගොඩක් වැදගත් වෙයි. මොකද ඉතින් ඇඳුම් ගන්න ඇඳුම් කඩේකට ගියාම වරුවකට එන්නෙත් නෑ, තියෙන ඒවත් එක එක බල බල ෆිටෝන් කර කර බලනවනෙ.. ඒ අතරෙ සමහර රෙදි කඩවල් හොඳ හොඳ සෙල්ලම් දානව. මොකද ‍ෆිටෝන් කරන්න ගිහින් තියෙන ඇඳුම පිටින් ඇඳුම් අැඳල බලනව නෙමෙයිනෙ. ඉතින් මේ කඩ හිමියො ලස්සනට මේ ෆිටෝන් රූම් වල චූටි කැමරා හයි කරනව මේවට එන කාන්තාවන්ගෙ නිරුවත Record කර ගන්න.. සමහර කඩවල් වල තියෙන ෆිටෝන් රූම් එකේ කණ්නාඩිය එහා පැත්තෙ බිත්තියක් කියල හිතුවට බිත්තියකුත් එක්ක පොඩි කවුලුවක් තියෙන්නත් පුළුවන්. ඒ කණ්නාඩිය එක පැත්තකින් කණ්නාඩියක් විදියට වැඩ කරන ගමන් අනික් පැත්තෙන් බැලුවම වීදුරුවක් විදියට වැඩ කරන විදියෙ කණ්නාඩි හයි කරල තියෙන්නත් පුළුවන්.

අද මම මේ කියන්න යන්නෙ මේ ජාතියේ ෆිටෝන් රූම් එකක් අඳුරගන්න ක්‍රම කිහිපයක්.

පළවෙනි කාරණය තමයි Spy කැමරා තියෙනවද කියල හොයා ගන්න විදිය. ඔයාගෙ Mobile Phone එකේ හොඳට Signal තිබිල ෆිටෝන් රූම් එකට ගියපු ගමන් සිග්නල් කණු ටික හිතාගන්න බැරි විදියට නැති වෙලා යනව නම් එතන පොඩි සැකයක් තියෙනවා.. ගන්න කස්ටමර් කෙයා එකට කෝල් එකක්. එතකොට පෝන් එකෙන් අමුතු කර කර ගගා සද්දයක් එනව නම් එතන ඇත්තෙන්ම පොඩි අවුලක්. (අළුත් Phones වල මේ අවුල් හදල තියෙන හින්ද මේක හරියන්නෙ පරණ Phone වලට විතරයි)  හොඳට වටේට චෙක් කරල බලන්න.. මම පෙන්නන්නම් පොඩි Spy කැමරා ටිකක්.. මේ දේවල් තියෙන්න පුළුවන් ෆිටෝන් රූම් එකේ.

‍පේනවනෙ පොඩි ඇනේක, රෙදි එල්ලන එකක පවා පොඩි කැමරා තියෙන්න පුළුවන්..

දැන් පෙන්නන්නම් One way mirror එකක්.

මේ රූපෙ බැලුවම ඔයාට අනිවාර්යයෙන් තේරෙන්න ඕන මොකක්ද මෙතන වෙන්නෙ කියල. මේ වගේම තමයි ඔයාගෙ  ෆිටෝන් රූම් එකෙත් තියෙන්න පුළුවන් මේ වගේ දේවල්.. එහෙම එකක් තියෙනවද කියල අඳුර ගන්නෙ කොහොමද? හරිම ලේසී.. ඔයාට තියෙන්නෙ ඇඟිල්ලක් තියල බලන්න ඒ කණ්නාඩියේ තැනකට..

‍මේ පිංතූරෙ බැලුවම පැහැදිලියි නේද. සාමාන්‍ය කණ්නාඩියක ඇඟිල්ලක් තිබ්බම ඔයාගෙ ඇඟිල්ලෙ සහ ප්‍රතිභිම්බය අතර පොඩි ඉඩක් පේන්න තියෙනව.. හැබැයි අර විදියෙ හොර කණ්නාඩියක මෙහෙම ඉඩක් පේන්නෙ නෑ.

ඔයාලට විතරක් නෙමෙයි, ඔයාගෙ හැම යාළුවෙකුටම මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි. ඒ හින්ද මේ වටිනා ලිපිය අනිවාර්යයෙන්ම ඔයාගෙ යාළුවො අතරෙ Share කරන්න..

Facebook Comments